ඇමැති මනෝ භාෂා විද්‍යාල අරඹන්න සැරැසෙයි

  👤  4252 readers have read this article !
By mawbima 2018-05-16

ලක්‍ෂ්මී ජයකොඩි

ශ්‍රී ලංකාව තුළ භාෂා විද්‍යාල පිහිටුවීමට කටයුතු කරන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළහොත් මෙරට භාෂා ගැටලුව අවසන් වන බවත් ඒ සඳහා භාෂා විද්‍යාල පිහිටුවීම මහඟු පිටිවහලක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කෙළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඉකුත්දා කොළඹදී පැවැති උත්සවයකදීය.

එම විද්‍යාල සඳහා පළමු අවස්ථාව මෙරට උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා විවෘත කරන බව පැවැසූ ඒ මහතා මෙරට භාෂා ප්‍රතිපත්තිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon