රට පෙරට රැගෙන යෑමට නම් දේශපාලන අර්බුදය විස¼දාගත යුතුයි

  👤  4383 readers have read this article !
By mawbima 2018-05-16

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය ආරම්භ කරමින් ඉදිරිපත් පාර්ලිමේන්තුවේදි කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය 2015 ජනවාරි 08 වැනි දින යහපාලන ආණ්ඩුව රට තුළ ස්ථාපිත කිරීමෙන් අනතුරුව කරන ලද කතාවේ දිගුවක් වශයෙන් හඳුන්වා දිය හැකිය.

මූලික වශයෙන් මෙම අවස්ථා දෙකේදීම රාජ්‍ය නායකයා වශයෙන් එතුමා සමාජයට ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත්තේ තම පක්ෂයේම දීර්ඝ කාලීන පාලනයකින් පසු රට තුළ නිර්මාණය වී තිබූ ජනතාවට, සමාජයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා යහපැවැත්මට තිබූ බාධකයන් ඉවත් කිරීමේ අද්විතීය කාර්යයට සියලු දෙනාම ඒකරාශී කළ යුතු බවය.

එමෙන්ම රටක තිරසර සංවර්ධනයට අවශ්‍ය පදනම වන රට තුළ පැවැතිය යුතු සාමය, සංහිඳියාව, ජාතීන් අතර විශ්වාසය ඇති කිරීම, දේශපාලන ස්ථාවරත්වය, විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීම සහ යහපත් ආර්ථික ක්‍රියාවලියක් වෙනුවෙන් අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීම පසුගිය කාලය තුළදී සිදුවූ වැදගත් සිදුවීම් වශයෙන් හඳුන්වා දී ඇත.

ඊනියා ආර්ථික සංවර්ධන මුවාවෙන් දේශීයත්වය විනාශ කර ගැනීම, අනවශ්‍ය ආකාරයට දේශීය සම්පත් කුණු කොල්ලයට විදේශිකයන් හට පැවරීම, රට තුළ මත්පැන් හා මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කර ගැනීමට කටයුතු කිරීම, රට තුළ පැවැති අපරාධ ප්‍රමාණය අඩු කර ගැනීම සහ ඒ සඳහා වූ අධිකරණයට අණපනත් සම්මත කර ගැනීම යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයන් ලෙසද හඳුන්වාදී ඇත.

ප්‍රජාතන්ත්‍ර විරෝධී වූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවැති අහිතකර ලක්ෂණ ඉවත් කර 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් රටේ සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වැඩි අගයක් ලබා දීම ජනාධිපතිතුමා විසින් කරන ලද ඉහළම පරිත්‍යාගයක් ලෙස සැලකිය හැකිය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකික ආර්ථිකයට හා සංවර්ධනයට අදාළ වන්නේ කෙසේද යන්න විමසීම මෙහිලා වැදගත් වේ. විශේෂයෙන්ම රටේ සංවර්ධනයට යැයි පවසමින් ඵලදායි නොවන ව්‍යාපෘති සඳහා 2015ට පෙර රජය විසින් ජාත්‍යන්තරයෙන් ලබා ගන්නා ලද ණය නැවත ගෙවීම රජයට පැවරුණු භාරධුර කාර්යයක් විය.

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ණය ලබා ගැනීමේ ඉහළින් සිටි රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව දෙවැනි වූයේ ලෝකයේ රටවල් 7කට පමණි. අතීතයේදී සංවර්ධන ණය ලබා ගැනීම දීර්ඝ කාලීන පදනම මත සිදු වූ අතර ගෙවන පොලිය ඉතාමත් අඩු ප්‍රමාණයකින් පැවතුණි. ණය ගෙවීම සඳහා දීර්ඝ කාලීන සහන කාලයක් ලැබුණත් චීනයෙන් ලබා ගන්නා ලද ණය ගෙවීම් ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු වසර දෙකකින් හෝ තුනකින් ගෙවා අවසන් කිරීම ආණ්ඩුවට ආණ්ඩුවට තිබූ බලවත් අභියෝගයකි. කෙසේ වුවද ශ්‍රී ලංකා රජය මේ වන විට ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 10.3 නැතහොත් රුපියල් කෝටි දසලක්ෂයකට ආසන්නය. ඇමරිකානු ඩොලර්වලින් ගණනය කළහොත් එය ඩොලර් බිලියන 65කට ආසන්නය.

කෙසේ වුවද ජනතාවට යම් යම් අපහසුතාවන් සිදු වුවද පසුගිය වසර කිහිපය තුළදී මෙම ණය පියවීම් කර ඇත. අප දන්නා පරිදි ලෝකයේ ඉතාමත් ධනවත් රටවල් වන ග්‍රීසිය හා වෙනිසියුලාව වැනි රටවල් පවා ලබා ගත් අධික ණය බර නිසා මේ වන විට එම රටවල ආර්ථිකයන් කඩා වැටී ඇති අතර ලෝක බැංකුව, යුරෝපීය කොමිසම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහයෙන් ඉතාමත් අසීරුවෙන් තම පාලනයන් පවත්වාගෙන යනු ලබයි.

එසේ වුවද රැකියා වියුක්ති අනුපාතය 50%කට ආසන්නය.

කවුරු කෙසේ කීවද මෙරට ආර්ථිකයේ ජීවනාලිය බඳු කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමු කිරීම නිසා කෘෂිකාර්මික අංශයේ දළ දේශීය නිෂ්පාදනය 8%ක් දක්වා අඩු වීමත් 2017 වර්ෂය වන විටත් වී නිෂ්පාදනය 41%ක් දක්වා අඩු වීමත් මේ රජය ලැබූ පසුබෑමක් වශයෙන් සඳහන් නොකරම බැරිය. කෘෂිකාර්මික රටක කෘෂිකර්මාන්තය කඩා වැටෙන්නේ නම් එයින් ගම්‍ය වන්නේ ග්‍රාමීය ජනතාව අතරට ගලා යන මුදල් ප්‍රමාණය අවම වන බවයි. මෙම තත්ත්වය 2012 වර්ෂයේ සිට පැවැති අතර ඒ සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් නොකර පොහොර සහනාධාර කපා හැරීම, ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කිරීම, කෘෂිකර්මාන්ත අංශයේ ශ්‍රම හිඟයක් පැවතීම. මෙම තත්ත්වයට හේතු විය. පාලක පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණය පරාජය වීමටද මෙය දැඩි ලෙස බලපෑම් කළේය.

කෙසේ වුවද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා වෙන් වෙන්ව හා එක්ව ජාත්‍යන්තරය දිනා ගැනීමට සමත් වීම නිසා යුද්ධය අවසන් කාලයේදී යුරෝපය විසින් නවතා දැමූ ට්ඉර්ථී සහනය නැවත දිනාගැනීමට හැකි වූ නිසා මත්ස්‍ය හා අනෙකුත් අපනයනයන් වැඩි කර ගැනීම තුළින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් වූ අපනයන ආදායමක් ලබා ගැනීමට හැකි විය.

රටක තිරසර සංවර්ධනයක් පවත්වා ගෙන යෑමේදී ජනතාවට ඉහළ ආදායමක් ලබා දීම, මන්දපෝෂණය අවම කිරීම, ගැබිනි මවුවරුන්ට අවශ්‍ය පෝෂණයන් ලබා දීම ආදී වැඩසටහන් අගය කළ යුතුය. ශක්තිමත් හා නිරෝගී ජනතාවක් බිහි කිරීම තුළින් සංවර්ධනය කරා යන ගමනේ මූලික අඩිතාලම දැමීම සිදුකර ඇත.

අධ්‍යාපනය ස¼දහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම, වසර 13ක් අඛණ්ඩව අධ්‍යාපනය ලබා ගැනීමට සිසු දරු දැරියන්ට අවස්ථාව ලබා දීම, මහපොළ ශිෂ්‍යත්ව මුදල් ප්‍රමාණය රුපියල් 2500 සිට 5000 දක්වා වැඩි කිරීම, දුගී දුප්පත් පවුල් 275,000කට අධික පිරිසකට විදුලිය නොමිලේ ලබාදීම, වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි කිරීම යන සමාජ සත්කාරයන් මෙම රජය තුළින් විද්‍යමාන වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන් ලෙස සඳහන් කළ හැකිය. ආර්ථික සංවර්ධනයේදී ඉඩම් පරිහරණය උපරිම මට්ටමක පැවතුණත් උතුරේ ඉඩම් යුද්ධය නිසා හමුදා පාලනයට යටත්ව තිබිණි. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ඉඩම් අක්කර 40,475ක් ත්‍රිවිධ හමුදාවෙන් නිදහස් කර ජනතාවට පවරා ඇත. එහෙත් රජය විසින් කරන ලද මෙම සත්කාරය උතුරේ දේශපාලන අධිකාරිය විසින් තම දේශපාලන අවශ්‍යතා සඳහා තම අධිකාරිය යටතේ පවත්වා ගෙන යෑම අවාසනාවන්ත තත්ත්වයකි. රජය විසින් මේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

මහවැලි ව්‍යාපාරයේ අවසාන යෝජනා ක්‍රමය වූ මොරගහකන්ද ජලාශය ඉදිකර අවසන් කිරීම, උතුරු මැද පළාතේ කුඩා වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම ජනතාවට ලබාදුන් තවත් එක් ජයග්‍රහණයකි.

රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කළත් පසුගිය කාලයේ ප්‍රධාන පක්ෂ දෙක අතර පැවැති අනවබෝධය නිසා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇදී යමින් පවතී. විදේශීය ආයෝජකයන් හට බලාගෙන සිටීමේ ප්‍රතිපත්තියක් ගෝචර නොවන අතර ඉදිරි වසර එක හමාර තුළ ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු වන්නේ නම් මෙම ව්‍යාපෘති වහ වහා අනුමත කර ආරම්භ කළ යුතුව ඇත.

මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 48ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ලාභ ඉපැයිය හැකි අතර විශාල රැකියා ප්‍රමාණයක්ද ජනනය කළ හැකිය. මේ ස¼දහා දක්ෂ සුදුසුකම් සහිත කළමනාකරුවන් පත් කර මේවා යථා තත්ත්වයට පත්කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් වහ වහා ක්‍රියාත්මක කළ යුතුව ඇත.

කෙසේ වුවද 2017 වර්ෂයේදී ඩොලර් බිලියන 1.9ක විදේශ ආයෝජනයක් ලැබීමත් 2016-2017 වර්ෂවල මිලියන 2කට ආසන්න සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමත් ආර්ථිකයට සුවදායි වූ අතර එය රටක් වශයෙන් ආඩම්බර විය හැකි තත්ත්වයකි.
තවද පසුගිය කාලසීමාව තුළ නොයෙකුත් රටවලින් සහ ජාත්‍යන්තර ආයතනවලින් ව්‍යාපෘති ස¼දහා විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇත්තේ එම රටවල් ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති කර ගෙන තිබෙන නිසාය. අවාසනාවකට මෙන් මෙම ආයෝජනයන් රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන ආකාරයට බෙදී ගොස් නොමැත. සංවර්ධනයේ ප්‍රතිලාභයන් පාලකයන් ඉතා සුළු පිරිසකට සීමා කර ගැනීම නිසා රටේ අභ්‍යන්තරයේ සංවර්ධනය අඩාල වීමත් දැකිය හැකිය. මෙය වහ වහා වෙනස් කළ යුතු අතර සම්පත් බෙදී යෑමේ අවිධිමත්භාවය නතර කර ගැනීම සඳහා ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් එකමුතුව කටයුතු කළ යුතුª කාර්යයකි.

රැකී රක්ෂා ලබා දීමේදී මෙම විසමතාවන් තරුණ තරුණියන් අතර අසහනය වර්ධනය වෙමින් එය ආණ්ඩු විරෝධී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බව පසුගිය කාලය තුළ දැක ගැනීමට හැකි විය. විශේෂයෙන්ම සයිටම් අර්බුදයට කාලීනව විසඳුම් නොදීම නිසා වර්ධනය වූ තත්ත්වය සමස්ත තරුණ පරපුර අතර ආණ්ඩු විරෝධයක් ලෙස වර්ධනය වීමට හේතු සාධක විය.

කෙසේ වුවද 2015 වර්ෂයේදී බලයට පත් වන යහපාලන රජයට පසුගිය වසර තුන හමාර තුළම සාමකාමී ලෙහෙසි දේශපාලන ගමනක් යෑමට විරුද්ධ පක්ෂය, වෘත්තීය සමිති සහ නොයෙකුත් සංවිධාන ඉඩ ප්‍රස්තා ලබාදී නොමැත. උදාහරණයක් ලෙස මෙම කාල වකවානුවේදී බලය වෙනස් වූ රාජ්‍යයන් වන නයිජීරියාව, ඝානාව, ඉන්දියාව වැනි රටවල ආණ්ඩුවට තිබූ සමකාමී සහ නිදහස් වාතාවරණය ජනාධිපති ප්‍රමුඛ, රජයට හිමි වූයේ නැත.
විශේෂයෙන් මහ බැංකු දූෂණ හා අක්‍රමිකතාවන් පාදක කරගෙන රජයට පහර දීමේ වේදිකාවක් සකස් කර ගැනීමට විපක්ෂ බලවේගවලට හැකි විය. අපේක්ෂාභංගත්වයට පත් වූ ඇතැම් මාධ්‍යයන්ද ඒ සඳහා උඩගෙඩි දුන් අතර යහපාලන රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර පැවැති අනවබෝධයද රජයේ ශීඝ්‍ර සංවර්ධන මාවතට බාධාවක් විය.

කවුරු කෙසේ කීවත් මෙරට ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින සන්ධාන ආණ්ඩුව රාජ්‍ය පාලනයේදී පර්යේෂණාත්මක පාලන ව්‍යුහයක් වන අතර සියලුම බාධක මැද මෙම ආණ්ඩුවට ඉදිරියටත් ගමන් කිරීම රටේ වාසනාවක් වශයෙන් සඳහන් කළ හැකිය. 2009 වර්ෂයේදී සිම්බාබ්බේ රාජ්‍යයෙහි ජනාධිපති රොබට් මුගාබේ සහ එවකට පාර්ලිමේන්තු බලය ලබා ගත් ස්වාන්ගිරායි (ඊඵමචදඨඪපචඪ 2009) අතර පැවැති සහජීවන රජය වසර දෙකකින් බිඳ වැටුණු අතර නැවත රාජ්‍ය බලය ලබාගත් ජනාධිපති මුගාබේ 2017 වර්ෂය අවසානය තෙක් සිය බලය පවත්වා ගෙන යෑමත් තුළින් විද්‍යමාන වන්නේ සහජීවන සන්ධාන ආණ්ඩුවලට වැඩි ආයුෂයක් නොමැති බවයි.

අවසාන වශයෙන් ජනාධිපතිතුමා සඳහන් කරන ආකාරයටම පක්ෂයක් තුළ දේශපාලන බලය උරගා බැලීමට කටයුතු නොකර රටේ සංවර්ධනය සඳහා විවිධ පක්ෂ හා සංවිධාන ඒකරාශි වී රටේ පවතින අභියෝග ජය ගැනීමේ වාතාවරණයක් දැන්වත් ගොඩ නඟාගත යුතු බවය.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටීම හා අර්බුද සමනය කළ යුතු බවත් ඉන් අනතුරුව පක්ෂ පක්ෂ අතර පවතින ගැටුම් හා අර්බුද සමනය කරගත යුතු බවත්ය. තවද දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සියලු කණ්ඩායම්වල ඒකරාශිත්වයෙන් රට තුළ ඇති වී ඇති ගැටලු නිරාකරණය කරගත යුතු බවයි.

මේ සඳහා පූර්වාදර්ශයක් වශයෙන් ගරු ජනාධිපතිතුමා හට ශ්‍රී ලංකාවේ ප්‍රබලම පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විස¼දා ගැනීමටත් ගරු අග්‍රාමාත්‍යතුමාට එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැඟී ඇති අභ්‍යන්තර දේශපාලන අර්බුදය විස¼දා ගැනීමට හැකි වුවහොත් අනෙකුත් සියලු සුළු පක්ෂවල සහයෝගයෙන් සන්ධාන රජය 2020 දක්වා පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇත.

සේන සූරියප්පෙරුම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon