පීඩාවට පත්වූ දෙමළ ජනතාවට සාධාරණය ඉටු කර දෙන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිනවා

  👤  4249 readers have read this article !
By mawbima 2018-05-16

ලක්‍ෂ්මී ජයකොඩි

පීඩාවට පත්ව සිටින දෙමළ ජනතාවට සාධාරණය ඉටුකර දෙන්නැයි තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පැවැසීය.

උතුරු පළාත් සභාවේ මූලිකත්වයෙන් එළැඹෙන 18 වැනිදා යුද්ධයෙන් මියගිය ඥාතීන් අනුස්මරණය කරන බැවින් එදිනට යුද්ධයෙන් මියගිය අපගේ සියලු ඥාතීන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් ඉටිපන්දම් හා පහන් දල්වන ලෙසත් ඉල්ලා සිටී. උතුරු පළාත් සභාවේ අනුග්‍රහයෙන් හා සංවිධානයෙන් මෙවර මුල්ලිවයික්කාල් අනුස්මරණය සිදුවන බවද කී සම්පන්දන් මහතා මෙසේද පැවැසීය.

'යුද්ධයේ අවසන් මෙහෙයුම්වලදී අප බොහෝ ජනතාව ඉතා කුරිරු ලෙස මරණයට පත් වුණා. ජාත්‍යන්තර සාක්‍ෂිවලට අනුව යුද්ධයේ අවසන් මෙහෙයුම් ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කරමින් සිදුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය කළ මෙම අමානුෂික පහරදීම් පිළිබඳව මා කිහිප අවස්ථාවකම පාර්ලිමේන්තුවේ සඳහන් කර තිබෙනවා.

යුද්ධය නතර කරන ලෙස පවා ඒ අවස්ථාවේ පැවැති ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. එහෙත් අවසානයේ යුද්ධය නිමාවට පත් වුණේ දෙමළ ජනතාවට මහත් හානියක් උරුම කර දෙමින්.

විශේෂයෙන් ජීවිත ගණනාවක් ඝාතනයට ලක් වුණා. ජීවිත රැසක් අතුරුදන් වුණා. අද ජාත්‍යන්තර හමුවේ අප ඉල්ලා සිටින්නේ අපගේ ජනතාවට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි. දෙමළ ජනතාව සංහාරය වූ දිනයක් ලෙසත් දෙමළ ජනතාව විනාශයට පත්වූ දිනයක් ලෙසත් මැයි 18 වැනි දිනය නම් කොට තිබෙනවා. මම ඉල්ලා සිටින්නේ යුද්ධයෙන් මියගිය සියලු ඥාතීන් සිහිකිරීමට අප හා එක් වන ලෙසයි.'

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon