පොල් ගස් කැපීමටත් බලපත් ක්‍රමයක් එයි

  👤  4378 readers have read this article !
By mawbima 2018-05-16

ආරියරත්න ගනේගොඩ

පොල්ගස් කැපීම තහනම් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. කිසියම් කෙනකුට පොල් ගසක් කැපීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා බලපත්‍රයක් ලබාගැනීමට සිදුවනු ඇත.

"මව්බිම" කළ විමසීමකදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

පොල් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ගැටලුව මෙම තීරණයට හේතුව බව ප්‍රකාශ කරන ලේකම්වරයා පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොල් ඉඩම් කට්ටි කිරීමද තහනම් කිරීමට තීරණය කර තිබේ.

කොස් ඇතුළු ගස් කිහිපයක් සම්බන්ධයෙන් දැනට පවතින නීතියට සමානව පොල් ගස් සම්බන්ධයෙන්ද නව නීතියක් ගෙන ඒමට තීරණය කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් රංජිත් මහතා "මව්බිම"ට කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon