මහ බැංකුව නමැති ‘ලබ්බට’ අත තැබූ අගමැති සමෘද්ධි බැංකුව නමැති ‘පුහුල’ටත් අත තබාවි

  👤  4438 readers have read this article !
By mawbima 2018-05-16

හර්ෂනී අර්සකුලරත්න

සමෘද්ධි බැංකුව මහ බැංකුවේ පාලනයට ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සැරසෙන්නේ ඉදිරි මැතිවරණය සඳහා තම පක්ෂයට මුදල් සොයා දීමටත්, සමෘද්ධි බැංකුව අඩපණ කොට සමෘද්ධිලාභීන් මෙතෙක් ලද ප්‍රතිලාභ අහිමි කිරීමටත්, සමෘද්ධි බැංකුව වසන තැනට වැඩ සලස්වා සමෘද්ධි සහනාධාරය නතර කර දැමීමට බවත් ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

එහි වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම් ජයන්ත වන්නිආරච්චි මහතා සඳහන් කරන්නේ 2001 වසරේදීද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙන ආ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේද සමෘද්ධි සහනාධාරය කපා හැරීමට යෝජනා කර තිබූ බවයි. බැඳුම්කර මගඩියේ මහ මොළකරු වන අගමැතිවරයා පසුගිය මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය සඳහා එජාප සංවිධායකයන්ට කෝටි ගණනින් බෙදා දුන්නේ බැඳුම්කර මගඩියේ මුදල් බවත් එදා එජාපයට හිතවත් පුවත්පත් හා රූපවාහිනි නාළිකා බිහි වූයේද එම මුදල්වලින් බවත් හෙතෙම පවසයි. මහ බැංකුව කැඩූ අය තම පක්ෂයට ඉදිරි මැතිවරණ සඳහා වියදම් සොයා ගැනීමට සමෘද්ධි බැංකුවත් කැඩීමට සූදානම් වන බවද ඔහු සඳහන් කළේය.

එසේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා දැමීමට සූදානම් වන අගමැතිවරයා මහ බැංකුව නමැති 'ලබ්බට' අත තබා කළ විනාශය සියල්ලෝම හොඳින් දන්නා නිසා සමෘද්ධි බැංකුව නමැති 'පුහුලට' ද අත තබන්නේ හොඳකට නොවන බව තරයේ සිහි තබා ගත යුතු බවද ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon