කොරියානු නිපුණතා පරීක්ෂණ අද සහ හෙට

  👤  4346 readers have read this article !
By mawbima 2018-05-16

ආරියරත්න ගනේගොඩ

කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත් වූ රැකියා අපේක්ෂකයන් සඳහා නිපුණතා පරීක්ෂණ අද (16) සහ හෙට (17) දෙදින පැවැත්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා පරීක්ෂණයෙන් සමත් අපේක්ෂකයන් 546 දෙනා සඳහා මෙම පරීක්ෂණය පැවැත්වෙයි. ඔවුන්ගේ කුසලතා පරීක්ෂණ මැයි 26 දින සිට 28 දින දක්වා පැවැත්වීමට නියමිත බවද කාර්යාංශය පවසයි. එසේම 2018 වර්ෂයට අදාළව නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ඉල්ලුම්කරුවන් සඳහා භාෂා පරීක්ෂණ දිනයන්, වේලාව හා මධ්‍යස්ථාන පිළිබඳව විස්තර ඹඹඹ.ඵතඡටඥ.තඬ යන කාර්යාංශ වෙබ් අඩවියේ පළකරනු ලබන බවත් නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පරීක්ෂණ මැයි මස 21 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon