තෙල් මිල ඉහළ දැමීම ගැන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු

  👤  4272 readers have read this article !
By mawbima 2018-05-16

අසාධාරණ ලෙස ඉහළ දැමූ ඉන්ධන බද්දෙන් ආදායම් ලැබෙන්නේ ආණ්ඩුවට මිස තෙල් සංස්ථාවට නොවන බවත් එහි වාසිය ලබාගෙන ඉදිරියේදී ධ්ර්ණීඛ් සමාගම සිය ඒකාධිකාරය පතුරුවා හරිනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි.

ඉදිරියේදී රුපියල් 160ක් වැනි මුදලකට පෙට්රල් ගැනීමට ජනතාවට ඉන්ධනහල් ඉදිරියේ පෝලිම් ගැසීමට සිදුවෙතැයිද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

මන්ත්‍රිවරයා ආණ්ඩුවට අවධාරණය කළේ වහාම ඉහළ දැමූ තෙල් මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසයි.

විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ආණ්ඩුව තමන්ගේ බැරි බැරියාව වහගන්න කයිවාරු ගහනවා. අද බඩු මල්ලක් රුපියල් 4,108යි. 2016 රුපියල් 158ට තිබුණ පරිප්පු කිලෝව අද 256යි. 2016 රුපියල් 216 වියළි මිරිස් කිලෝව අද රුපියල් 280යි. 52ට තිබ්බ බී ලූනු 82යි. 59ට තිබ්බ සුදු හාල් 78යි. 74ට තිබුණු කැඩුණු සහල් 76යි. කිරිපිටි කිලෝව රුපියල් 50කින් වැඩියි. රටේ ආර්ථිකය ශක්තිමත් නම් බඩු මිල කොහොමද වැඩිවෙන්නේ. පාර්ලිමේන්තුව කල් දාලා දෙවැනි සභා වාරයේදී ජනාධිපති කයිවාරු ගැහුවේ කොහොමද?

වැඩකට ගන්නෙ නැති කෘෂිකර්ම ගොඩනැඟිල්ලට මේ වෙද්දී මාසික කුලිය රුපියල් ලක්ෂ 245යි. පසුගිය අවුරුදු පහට විතරක් රුපියල් ලක්ෂ 9,065ක් ඒ වෙනුවෙන් යට කරලා. මහ බැංකු වංචාවෙන් රු. කෝටි 1,150ක් පාඩුයි. තෙල් සංස්ථාවේ ස්පොට් ටෙන්ඩර්වලින් තෙල් ගන්න ගිහින් කරපු පාඩුව කෝටි 1,420යි. රනිල්ගෙ වෙඩි නොවදින වාහන 2ට කෝටි 60යි. ඇමැතිලාගේ පරිපූරක ඇස්තමේන්තුවලට කෝටි 150යි. මේ නාස්තිකාර වියදම් ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ ඔළුවට.

මන්ත්‍රි විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ ඊයේ (15දා) පක්ෂ මූලස්ථානයේ ඇමැති මාධ්‍ය හමුවේදීය. වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,

ඉන්ධන මත ගහපු බදු ඉවත් කරන බව ආණ්ඩුව මැතිවරණ ප්‍රතිපත්තියේ සඳහන් කළාට වට කිහිපයකින් අද තෙල් මිල වැඩි කරලා. මේ වෙද්දි 31.60ක් එක ඩීසල් ලීටරයකටත් පෙට්රල් ලීටරයකට රු. 60.50ක බද්දක් අය කරනවා. ඩොලරය වැඩි වුණා කියලා තෙල් මිල වැඩි කරනවා කියන එක පට්ටපල් බොරුවක්. භූමිතෙල් රුපියල් 57කින් වැඩි කළා. කිසිදු සැලකිල්ල ජනතාව ගැන මේ ආණ්ඩුවට නැහැ.

රාජිත කියනවා භූමිතෙල් මිල වැඩි කළේ පෞද්ගලික බස් හිමියන් ඩීසල් සමඟ භූමිතෙල් මිශ්‍ර කරන නිසා කියලා. ඒක පාලනය කරන්න ආණ්ඩුවට වෙනත් ක්‍රියාමාර්ග ගතයුතුව තිබුණා. මෙහෙම යද්දී පෙට්‍රෝලියම් එක පාඩු ලබලා ධ්ර්ණීඛ් එකට ඒ වාසිය යන්න පුළුවන්. එතකොට 160ට පෙට්රල් ගන්න කෑන් අරන් පෝලිමේ ඉන්න වෙයි.

හිඟන්නා පෙන්නලා මුදලාලි ලාභ ගන්න, බඩගෝස්තරය තර කරගන්න මේ බදු අය කරන්නේ. වහාම මේ අසාධාරණ බද්ද අහෝසි කරගත යුතුයි. කිරිපිටි කිලෝව රුපියල් 50කින් වැඩි කළා. 106ක් වැට් බද්දයි තව රුපියල් 5ක බද්දයි එක්ක රුපියල් 101ක් කිරිපිටි පැකට්ටුවෙන් බදු අය කරපු ආණ්ඩුව රුපියල් 50ක් තව ඉහළ දාලා තියෙනවා.

කෘෂිකර්ම ගොඩනැඟිල්ලට දැන් ලක්ෂ 252ක් මාසික කුලිය. පෙට්රල්, ඩීසල්, භූමිතෙල්වලට ගහන බද්ද නාස්ති කරන්නෙ මේවට. මේ කෘෂිකර්ම ගොඩනැඟිල්ලට ලක්ෂ 9065ක් ගෙවී ගිය කාලය තුළ වැය කරලා තියෙනවා. රු. කෝටි 1150යි මහ බැංකු බැඳුම්කර වංචාවේ පාඩුව. ගෙදර කුප්පි ලාම්පුවට ගහන බද්දෙන් මේවා පියවන්නෙ. සියලු බදු ජනතාව මත පටවලා මේ නාස්තිකාර වියදම්වලට යොදවලා. රුපියල් කෝටි 1,420ක් පාඩු වුණා පෙට්ට්‍රෝලියම් එකේ ඉනධබ ටෙන්ඩරයක් හරහා කෝටි 150ක් මන්ත්‍රිවරුන්ගෙ පරිපූරක ඇස්තමේන්තු දැම්මා. අගමැතිගේ වෙඩි නොවදින වාහන 2ක් රුපියල් කෝටි 60ක් දීලා ගත්තා. කුප්පි ලාම්පුවට ගහන බද්දෙන් මේක පියවන්නෙ.

මේක සාධාරණ නෑ. 2016-2017 බඩු මල්ලක් රුපියල් 3,049කින් වැඩි වුණා. 2017-2018 ඔක්කොම ගත්තම අද වෙද්දී බඩු මල්ලක වටිනාකම රුපියල් 4108.80කින් මේ ගෙවී ගිය ඊනියා පාලනය තුළ වැඩි වුණා. අගමැති පාර්ලිමේන්තුවට ඇවිත් කයිවාරු ගහනවා ආර්ථිකය ශක්තිමත් කළා කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලෙම මිල වැඩි වෙලා.

දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ

අනුමත කළ තෙල් තොග ගෙන්නන්න අනුමත කළ ටෙන්ඩර් අහෝසි කරලා ඉනධබ ටෙන්ඩර්වලට ගිය නිසා 2017 විතරක් රු. කෝටි 1420ක් රටට පාඩුවෙලා. මේ නිසා විදේශීය සංචිත අඩුකරලා ආණ්ඩුව ණය ගන්න හදනවා. පසුගිය කාලේ 6% පොලියට මේ ණය අරන් තියෙන්නේ. විදේශීය සංචිතවලින් ණය ගැනීම නිසා ඩොලර් මිලියන 280ක් පසුගිය අවුරුද්දට විතරක් රටට අහිමි වෙලා. සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් බිලියන 60ක් පමණ අලාභ වෙලා. දැන් ණය ගන්න සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ උකස් කරන්න යනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

රනිල් වික්‍රමසිංහට බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. මොකද පොදු සමාජය සහ එජාපය තුළ විශ්වාසයක් තිබුණා රනිල්ට පුළුවන්, රනිල් පිරිසුදු මිනිහා කියලා. පිරිසුදු මිනිහා තමයි මහ බැංකුවටත් දුන්නේ. ආණ්ඩුව වගකීම භාරගෙන ඉවත් වෙන්න. ජනතාව යවන්න ඕනෑ නෑ. දැන් ඒ වැඩේ කරන්නත් මහජන උද්ඝෝෂණයක් ඕනෑ.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දේශපාලනයට එනම් ජනාධිපතිවරණයට පිවිසෙන්න නියමිත බව වාර්තා වුණා. ජවිපෙට ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝගයක්ද?

කේ.ඩී. ලාල්කාන්ත

දැන් බදු බරයි, බඩු මිලයි එක්ක ගෝඨාභය බරක් ගන්න ඕනෑ නෑ නේද? මහින්ද රාජපක්ෂ ගෝඨාභයට වඩා පොරක් විදියටනේ හිටියේ. මහින්ද අපි අභියෝගයක් විදියට ගෙනාවා. ආපසු යැව්වා. චන්ද්‍රිකා අර රැජන මේ රැජන කියලා. රට පෙරළන්න ආවේ. අරයගේ දුව, මෙයාගෙ දුව කියලා ගෙනැල්ලා බස්සලා උස්සලා දැම්මා. මොකද වුණේ? මහින්ද ගෝඨාට වඩා වීරයෙක්. අපි කියන්නෙ රාජපක්ෂලාට මේ රට ගොඩගන්න බෑ. මහින්ද, බැසිල්, චමල්, ගෝඨාභය, නාමල් ගත්තොත් දුර්වලම කෙනා තමයි දේශපාලනිකව ගෝඨාභය රාජපක්ෂ. ගේනවා නම් ගේන්න. හැබැයි අසාර්ථකයි.

මන්ත්‍රි විජිත හේරත්

වියත්මඟ කියලා එදා යූඑන්පී ප්‍රතිපත්තිය තමයි ෂැංගි්‍රලා එකේ ඉදිරිපත් කළේ. කිසි වෙනසක් නෑ.

ප්‍රශ්නය - ඩීසල්වලට භූමිතෙල් කලවම් කරලා කරපු කූට ක්‍රියාව නිසා භූමිතෙල් මිල වැඩි කළා වගේ මත්පැන් පානය ඉහළ නිසා ඒවට කලවම් කරන සෝඩා මිලත් ඉහළ දාන්න යනවා කියලා ආරංචියි?

කේ.ඩී. ලාල්කාන්ත

එතකොට සෝඩා නැතිව අමුවෙන් බොනවා. ඉවරයිනේ කතාව.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon