කලා වැවේ වාන් ‍ෙදාරටු මාස හයකට පසු විවෘත කෙරේ

  👤  4264 readers have read this article !
By mawbima 2018-05-16

අනුරාධපුර _මහේෂ් විජේසූරිය

නියං තත්ත්වය නිසා මාස හයකට ආසන්න කාලයක් විවෘත නොවූ අනුරාධපුර කලා වැවේ වාන් ‍ෙදාරටු දෙක ජල මට්ටම ඉහළ යෑම නිසා අඟල් හය බැගින් ඊයේ (15දා) පස්වරුවේ විවෘත කෙරිණි.

පවතින වර්ෂාව සමඟ කලා වැවෙහි ජලය අක්කර අඩි ලක්ෂයක් පිරී පිටාර මට්ටමට පැමිණ තිබීම හේතුවෙන් පස්වරු 12.30ට පමණ එහි හදිසි වාන් ‍ෙදාරටු දෙක අඟල් 06 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව වාන් ‍ෙදාරටුවකින් තත්පරයට ඝන අඩි 1000ක් නිකුත් කිරීම සිදුවෙයි. කලා වැවේ වාන් ජලය කලා ඔය හරහා රාජාංගණය ජලාශයට මුසුවන අතර වාන් ‍ෙදාරටු විවෘත කර පැය 6-7ක් ඇතුළත කලාවැවේ වාන් ජලය රාජාංගණය ජලාශයට එකතු වීමට නියමිතය.

සති 36කට පමණ පසුව මෙලෙස කලා වැවේ වාන් ‍ෙදාරටු විවෘත කිරීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලා වැව වාරි ඉන්ජිනේරු එම්.එච්.එම්.ආර්. බණ්ඩාර මහතා මෙසේ පැවැසීය. "කලා වැව ජලාශයේ හදිසි වාන් ‍ෙදාරටු විවෘත කරනු ලැබුවේ ආපදා තත්ත්වයක් හේතුවෙන්. කලා වැව සක්‍රිය මට්ටමට පැමිණ ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබීම හේතුවෙන් හා රාජාංගණය ජලාශය තවමත් පිටාර මට්ටමට නොපැමිණීම හේතුවෙන් අඟල් 6ක් වාන් ‍ෙදාරටු දෙක විවෘත කළා. ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 1000ක ජල ප්‍රමාණයක් නිකුත් කරනවා."

කලා ඔයෙහි කාලයක් තිස්සේ විශාල ජල ප්‍රමාණයක් ගලා නොයෑම හේතුවෙන් ජනතාව ස්නානය කිරීම, ගවයන් බැඳීම ආදිය සුපුරුදු පරිදි සිදු කරන බැවින් ජනතාව දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ ස්ථාන දැනුවත් කර ඇතැයි ද ඒ මහතා පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon