හෙරොයින් බෙදූ යුවළක් ඉංගිරියේදී දැලේ

  👤  4259 readers have read this article !
By mawbima 2018-05-16

කොළඹ - එම්.සී. පෙරේරා

මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු පැකට් බෙදාහරිමින් සිටි අඹුසැමි යුවළක් ඇතුළු සිවු දෙනකු ඉංගිරිය පහළ උෟරුගල හල්වතුර පාලම මතදී ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සන්තකයේ මත්කුඩු පැකට් 32ක් තිබූ බව පොලිසිය කියයි.

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හරින සිවු දෙනකුගෙන් යුත් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරන බවට ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියදාස මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් මීගොඩ සිට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත්වූවන් වටරැක හා පාදුක්ක අවට පදිංචි වයස අවුරුදු 25 හා 30 අතර පසුවන්නන්ය.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි වී.ආර්.වී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි රණබාහු කරුණාකලගේ මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද පියදාස මහතා පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon