අතුරුදන් වූවන්ගේ ඥාතීන් වවුනියාවේ හා මන්නාරමේ විරෝධතාවල

  👤  4405 readers have read this article !
By mawbima 2018-05-16

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

රජය විසින් යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා පිහිටුවන ලද නව කොමිෂන් කාර්යාලයේ වැඩකටයුතුවලින් ජනතාවට කිසිම පලක් නොමැති බව කියමින් වවුනියාවේ හා මන්නාරමේදී ඊට එරෙහිව විරෝධතා දෙකක් පැවැත්විණි.

මැයි මස 12 වැනිදා එම නව කොමිෂන් සභා කාර්යාලයේ නිලධාරීන් මන්නාරම දිසාපති කාර්යාලයට රැස්වී යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් තොරතුරු හා විස්තර ලබා ගැනීම ආරම්භ කිරීමත් සමඟ 13දා මෙම විරෝධතා දියත් කොට තිබේ.

විරෝධතාකරුවෝ කියා සිටින්නේ මේ අතුරුදන් වූවන්ගේ සියලු තොරතුරු මීට ඉහතදී මැක්ස්වල් පරණගම කොමිසම මඟින් රැස්කොට පාර්ලිමේන්තුවටද වාර්තාවක් ඉදිරිපත් කොට ඇති බවයි.

එම වාර්තාවේ සඳහන් තොරතුරු මත යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් වෙත කිසිදු සහනයක් ලැබී නොමැතිව තිබියදී මේ නිලධාරීන් සිදු කරන්නේද ජනතාව යළිත් වරක් රැවටීම බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

මේ අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට මේ තරමට අවශ්‍යතාවක් ඇත්නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව ඔස්සේ කටයුතු කිරීමට හැකි බව පෙන්වා දෙන විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා සමඟ අවස්ථා හතරකදී කතා කොට විසඳුමක් නොලැබුණු ප්‍රශ්නයකට මේ කාර්යාලයක් තුළින් විසඳුමක් නොලැබෙන බවද කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon