ලූනු ගොවීන්ට රජයෙන් සහන

  👤  4246 readers have read this article !
By mawbima 2018-05-16

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

මෙරට ලූනු වගා කරන ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් බීජ ලූනු මෙටි්‍රක් ටොන් 7000ක් මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එසේ මිලදී ගනු ලබන බීජ ලූනු ඊළඟ කන්නයේදී වගා කිරීම සඳහා ලූනු ගොවියන් වෙත ලබාදීම එහි අරමුණයි.

මීට අමතරව ලූනු හා අර්තාපල් වගා කරන ගොවීන් රැක ගැනීම සඳහා කරුණු සොයා බැලීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
මාතලේ, යාපනය, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ලූනු වගාවත් බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක කිහිපයක අර්තාපල් වගාවත් ගොවීන් විසින් සිදුකරනු ලබයි. නමුත් බොහෝ අවස්ථාවල ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී ඊට සරිලන මිලක් නොලැබීම නිසා මේ වනවිට ගොවීන් කලකිරීමට පත්ව සිටියි.

එමනිසා මේ සම්බන්ධව විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බව අවධාරණය කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, දේශීය ලූනු හා අර්තාපල් වගා කරන ගොවියා ආරක්ෂා කිරීමට නම් ඇතැම් ව්‍යාපාරිකයන් විසින් කූට ලෙස ගොවියා ගසා කෑම වැළැක්වීමට පියවර ගත යුතු බවද අවධාරණය කරයි.

ගොවීන් තම අස්වනු නෙළා ගන්නා අවස්ථාවේ අර්තාපල් හා ලූනු ආනයනය සීමා කිරීමට හෝ අවශ්‍ය නම් තාවකාලිකව අත්හිටුවීමටත් ආනයනික අර්තාපල් හා ලූනු සඳහා වන බදු ඉහළ දැමීමටත් අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon