මත්තලදී එජාප මන්ත්‍රිවරුන්ට එල්ලවූ ප්‍රහාරය ගැන නඩුවට ඇවිත්

  👤  4318 readers have read this article !
By mawbima 2018-05-16

තිස්සමහාරාම - රෝෂන් රාජික

හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට මත්තල ගුවන් තොටුපොළේදී සහ හම්බන්තොට වරායේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ නඩුව ඊයේ දින හම්බන්තොට පළාත් බද මහාධිකරණයේදී පැවැත් විණි. මෙම නඩුව සඳහා පළාත් බද මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඉදිරියේ සාක්ෂි ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න යන මහත්වරු පැමිණ සිටියහ. ඔවුන්ගේ සාක්ෂි ලබාගැනීම ඊයේ හම්බන්තොට පළාත් බද මහාධිකරණයේදී සිදුවිය. නඩුව ස¼දහා විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ විත්තිකරුවන් පස් දෙනාම පැමිණ සිටියහ. මෙම නඩුව ජුනි 13 දින දක්වා කල් තැබීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon