එළුවන් 61ක් හිංසාකාරී ලෙස ලොරියක ගෙන ගිය ජාවාරම්කරු අත්අඩංගුවට

  👤  4465 readers have read this article !
By mawbima 2018-05-16

මඩුකන්ද -දීපාල් බණ්ඩාර

කිලිනොච්චි සිට පුත්තලම දක්වා සතුන් ජාවාරම් කළ පුද්ගලයකු වවුනියාවේදී ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මෙම සැකකරු සමඟ එළුවන් 61ක් පැටවූ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක

මහින්ද විල්ලෝර ආරච්චි මහතාගේ උපදෙස් මත වවුනියාව පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඊ.එම්.පී. සුබසිංහ, පොලිස් සැරයන්වරුන් වන අනුර (43216), ගුණතිලක (45025), පො.කො.වරුන් වන බණ්ඩාර (14957), රූපසිංහ (64618), විදුෂන් (91800), කුමාර (66701), කුමාර (69713) ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.

පොලිසිය සඳහන් කළේ සතුන්ට හිංසා වන අයුරින් ලොරි රථයකට ප්‍රමාණය ඉක්මවා පටවා තිබීමත් නිසා සතුන්ට හානි වී තිබූ බවයි.
මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකර ඇති බවටත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බවටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකරු ඊයේ (15දා) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වවුනියාව පොලිස් දූෂණ මර්දන අංශ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon