පළමු හා තෙවැනි සැකකරුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න නියෝගයක් දෙන්න

  👤  4448 readers have read this article !
By mawbima 2018-05-16

අමිල අබේරත්න

කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන "හයට් රීජන්සි කලම්බු" (ග්‍රෑන්ඩ් හයට් කළම්බු) නමැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබ්නට් මණ්ඩලය 2012 වසරේ වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලකින් රුපියල් බිලියන 4ක මුදලක් සහ නීති විරෝධී ලෙස අනුමැතිය නොලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් තිදෙනාගෙන් 1 වැනි සැකකරු වන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, තුන්වැනි සැකකරු වන හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන්ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට නියෝග නිකුත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගියදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දන්වා සිටියේ නඩුව සම්බන්ධයෙන් සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිත දිනය වන්නේ අගෝස්තු 10 වැනිදා වන බවත් එවන් පසුබිමකදී 109 (6) වගන්තිය ප්‍රකාරව අධිකරණ නියෝග නොමැතිව පොලිසියට සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලය තිබෙන බවයි.

ඒ අනුව සැකකරුවන්ට දැන්වීම් යවා ප්‍රකාශ ලබාගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට දන්වා සිටියාය. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අනෙක් සැකකරු වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩා බාලගේ මහතාය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් යටතේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන "හයට් රීජන්සි කලම්බු" (ග්‍රෑන්ඩ් හයට් කළම්බු) නමැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබ්නට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන් කෙරුණු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට, ලිට්රෝ ගෑස් සමාගමට සහ සේවක අර්ථසාධක අරමුදලට අයත් රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක මුදලක් නීති විරෝධී ලෙස අනුමැතිය නොලත් හම්බන්තොට ප්‍රදේශයේ "හයට් රීජන්සි" නමැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon