වෙළෙඳ සේවා ‘ඊ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ඒෂියා ඇසෙට්, මැලිබන්, මැක්ලරන්ස් හා හයිඩ්‍රාමනි අවසන් පූර්ව වටයට

  👤  4378 readers have read this article !
By mawbima 2018-05-16

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන 'ඩීපීජීසී'(ච්ර්ථීට්ඛ්) අහියෝගතා කුසලාන 'ඊ' කොටසේ පන්දුවාර 25 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ලම පසුගියදා නිමාවට පත්වූ අතර ඒෂියා ඇසෙට්, මැලිබන්, මැක්ලරන්ස් හා හයිඩ්‍රාමනි යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ඒෂියා ඇසෙට් කණ්ඩායම හා එල්.ඕ.එල්.සී කණ්ඩායම අතර පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පන්දුවාර 17කට සීමා විය. එල්.ඕ.එල්.සී. ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඒෂියා ඇසෙට් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 101ක් රැස් කළ අතර එල්.ඕ.එල්.සී. පිළිතුරු ඉනිමට රැස් කිරීමට හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 91ක් පමණි.

ඩී.එෆ්.සී.සී. කණ්ඩායම හා මැලිබන් කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඩි.එෆ්.සී.සී. කණ්ඩායම පන්දුවාර 23.2කදී සියලු දෙනා දැවී ලකුණු 112ක් රැස් කර තිබිණි. ජයග්‍රහණය සඳහා ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය මැලිබන් කණ්ඩායම කඩුලු 6ක් වැය කරමින් තම ඉලක්කය සපුරාගත්තේය. කෙසේවෙතත් මැක්ලැරන්ස් හා අමානා බැංකු කණ්ඩායම් අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 14කට සීමා විය. පළමුව පන්දුවට පහර දුන් මැක්ලරන්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමානා කණ්ඩායමට නියමිත පන්දුවාර අවසානයේ රැස් කිරීමට හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 77ක් පමණි. තවද මාස් සිලූටා කණ්ඩායම හා හයිඩ්‍රාමනි කණ්ඩායම අතර පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහරදුන් මාස් සිලූටා කණ්ඩායම ලකුණු 93කට සියල්ලන් දැවී ගියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 94ක ඉලක්කයක් හඹාගිය හයිඩ්‍රාමනි කණ්ඩායම කඩුලු 5ක් වැයකරමින් එම ඉලක්කය සපුරාගෙන තිබිණි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මැයි 19 වනදා පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon