12න් පහළ පාපන්දු තරගාවලියේ සුපිරි හය දෙනාට බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයෙන් පුහුණුවක්

  👤  4479 readers have read this article !
By mawbima 2018-05-16

විචිත්‍ර වීරසිංහ

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 12න් පහළ පළාත් පාපන්දු තරගාවලියේදී අති විශිෂ්ට දස්කම් දක්වන 6 දෙනකුට ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය විසින් මෙහෙයවනු ලබන සිවුදින පුහුණු කඳවුරකට සහභාගිවීමට අවස්ථාව හිමි වී තිබේ.

එහිදී ජූලි මස 5 වැනිදා සිට ජූලි මස 30 වැනිදා දක්වා පළාත් 9කට අදාළව පැවැත්වෙන මෙම පාපන්දු තරගාවලිය 'අධචඤ බධ ඕචපජඥතධදච' වැඩසටහන ලෙස නම් කර ඇති අතර, මෙම තරගාවලිය සඳහා සියලුම පළාත් නියෝජනය කරමින් බාලක කණ්ඩායම් 800ක් හා බාලිකා කණ්ඩායම් 250ක් ඇතුළත් වන පරිදි 12,000ක ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිතව ඇති බවද මෙයට අදාළව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

ඒ අනුව ජූලි මස 5 සහ 6 වැනිදා උතුරු මැද පළාත් තරගාවලියත්, ජූලි 7 හා 8 දෙදින බස්නාහිර තරගාවලියත්, ජූලි 9 හා 10 වැනි දෙදින දකුණු පළාත් තරගාවලියත් පැවැත්වෙනු ඇත. තවද මධ්‍යම පළාත් තරගාවලිය ජූලි 11 හා 12 දිනවලදීත්, උතුරු පළාත් තරගාවලිය ජූලි 15 හා 16 දිනවලදීත්, උෟව පළාත් තරගාවලිය ජූලි 17 හා 18 දිනවලදීත්, වයඹ පළාත් තරගාවලිය ජූලි 19 හා 20 යන දිනවලදී පැවැත්වෙන අතර, ජූලි මස 21 හා 22ත්, ජූලි 29 හා 30 යන දිනවලදී පිළිවෙළින් සබරගමුව හා නැඟෙනහිර පළාත් තරගාවලියත් පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම තරගාවලියෙන් අනතුරුව තෝරාගත් දක්‍ෂයන් 500 දෙනකු අගෝස්තු මාසයේදී තේරීම් කඳවුරකට ඇතුළත් කරමින් ඉන් තෝරාගත් අති දක්‍ෂයන් (ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් අතුරින්) 6 දෙනකු තෝරාගෙන ඔවුන් ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ සිවුදින පුහුණු කඳවුරකට සහභාගි කරවීමට මයිලෝ අනුග්‍රාහකත්වය සැපයීමට ඉදිරිපත් වී තිබීමද විශේෂත්වයකි.

මෙම මාධ්‍ය හමුව සඳහා නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරුන් වන නෝමන් කන්නන්ගර, බන්දුල එගොඩගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, එම අමාත්‍යාංශයේ ශාරීරික පුහුණු අධ්‍යක්‍ෂ මංජුල කාරියවසම්, එහි විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූපය _ අනුරුද්ධ මැදවත්තෙගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon