අනූෂාට රු.මිලියන 2ක තෑග්ගක්

  👤  4708 readers have read this article !
By mawbima 2018-05-16

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ර්ඒඉ ඉන්ටිමට්ස් සමාගමේ සේවයේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙලක් පසුගියදා පන්නල ස්ලිම්ලයින් ආයතනයේදී පැවැත්වුණු අතර එම ක්‍රීඩා උළෙලේදී බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් අනූෂා කොඩිතුවක්කු ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂ 20ක ත්‍යාග මුදලක් පිරිනැමිණි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට වසර 68කට පසුව බොක්සිං පදක්කමක් දිනා දෙන්නට අනූෂා සමත් වූයේ එම ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකාවක් ලබාගත් පළමු පදක්කම ලෙස වාර්තා අතරටද එක්වෙමිනි.

තවද 2006 වසරේදී හැනොයි නුවර පැවැති ආසියානු විවෘත කාන්තා බොක්සිං තරගාවලියේදීද ශූරතාව හිමිකරගත් අනූෂා 2010 වසරේ ලෝක කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් ශේ්‍රණිගත කිරීම්වලට අනුව එහි 7 වන ස්ථානය දක්වා පැමිණ තිබීමද කැපී පෙනේ.

කෙසේ වෙතත් මෙලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට විශාල අනුග්‍රහයක් දක්වන ර්ඒඉ සමූහයට අයත් ආයතන තුළ ජාතික තලය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1450ක් හා ජාත්‍යන්තර තලය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 220ක් සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon