ජාත්‍යන්තර තරග තහනමට ලක්වූ බැන්කේ‍රාෆ්ට දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර දෙයි

  👤  4392 readers have read this article !
By mawbima 2018-05-16

ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පසුගිය මාර්තු මාසයේදී පැවැති ක්‍රිකට් තරගයක් අතරතුරදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු බවට පත්ව මාස 9ක තරග තහනමකට ලක්ව සිටින කැමරන් බැන්කේ‍රාෆ්ට විශේෂ සමාවක් යටතේ දේශීය ක්‍රිකට් තරගවලට සහභාගිවීමට අවසරය ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පසුගිය සඳුදා (14දා) පැවැති රැස්වීමකදී බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ක්‍රීඩා සමාජ 16කගේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ යෝජනාවකට අනුව අවුරුදු 23ක් වයසැති බැන්කේ‍රාෆ්ට මෙම අවස්ථාව හිමි කර දී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාන්ත තරගාවලිය සඳහා එක්වීමට බැන්කේ‍රාෆ්ට හැකියාව ලැබී ඇත.

කෙසේ වෙතත් බැන්කේ‍රාෆ්ට අමතරව මෙම චෝදනාවට ලක්ව මේ වන විට වසරක තරග තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ගේ හා උප නායක ඩේවිඩ් වෝනර්ගේ දඬුවම ලිහිල් නොවන නමුත් මේ වනවිට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්ව සිටින ජස්ටින් ලැන්ගර් මොවුන් දෙදෙනාගේත් තහනම ලිහිල් කරගැනීමට උපරිම උත්සාහයක නිරත වී සිටින බවද වාර්තා වේ.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකුව සිටි මාක් වෝ එම තනතුරෙන් ඉවත්වීමට මේ වනවිට තීරණය කර ඇති අතර, එම තනතුර සඳහා රිකී පොන්ටින් හෝ ෂේන් වෝන් පත්වෙනු ඇතැයිද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon