පර්පචුවල් හරහා බැඳුම්කර ගත් අයට හුළං

  👤  3732 readers have read this article !
By mawbima 2018-04-25

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

විදේශගත ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රාථමික අලෙවිකරු හරහා ශ්‍රී ලංකා ආණ්ඩුවේ බැඳුම්කරවල මුදල් තැන්පත් කර තිබෙන බවත් එම භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත් කල් පිරුණත් තැන්පත්කරුවන්ට එම මුදල් ගෙවීමට මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත් කල් පිරෙන දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ගෙවිය යුතුයි. එහෙත් එම මුදල් මේ වනතුරු ගෙවා නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම දේවල් සිදුවෙලා නැහැ.

ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි ඉල්ලන්නේ ආණ්ඩුවේ බැඳුම්කරවල මුදල් යොදවපු සියලුම ආයෝජකයන්ගේ මුදල් කල්පිරුණු පසු නැවත ගෙවන ලෙසයි.

ඔහු මේ ප්‍රකාශය කළේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon