යාපනයේ විද්‍යා දැරියගේ සොහොයුරියට ජනපති මැදිහත් වී රැකියාවක්...

  👤  3712 readers have read this article !
By mawbima 2018-04-25

ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවෙසටද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවියට මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබේ.

විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවීණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වතී ශිවලෝගනාදන් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon