කොන්ද පණ තියෙන කෙනෙක් මීළඟ ජනපතිකමට ගේනවා

  👤  4233 readers have read this article !
By mawbima 2018-04-25

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

වස විසෙන් තොරව ගොවිතැනක් කරගෙන යෑමට ජනතාවට ඉඩ සලසන කොන්ද පණ තියෙන අපේක්ෂකයකු මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්...ඉදිරිපත් කරන බව වස විස නැති රටක් ජාතික වැඩසටහනේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා අවශ්‍ය කරන ජන පදනම ජාතික ගොවි සමුළුව හරහා මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන ගොවි සමිති ලියාපදිංචි කිරීම් තුළින් ලබාගැනීමට කටයුතු කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

ආණ්ඩුවේ අය හෝ විපක්ෂයේ අය මීළඟට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි නම් කරමින් සිටින බව පැවැසූ උන්වහන්සේ එම අපේක්ෂකයන් අතුරින් ග්ලයිෆොසේට් ලබා දෙන බවට පොරොන්දු වෙන ඕනෑම අපේක්ෂකයකු පරාජය කිරීමට අවශ්‍ය ජන පදනම සකස් කරන බව පෙන්වා දුන්හ.

හැකිනම් ග්ලයිෆොසේට් ලබාදෙන බව ප්‍රකාශ කරමින් ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පෙන්වන්නැයිද උන්වහන්සේ අභියෝගයක් කරති.

රතන හිමියන් මේ බව සඳහන් කළේ ඊයේ (24දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වස විස නැති රටක් ජාතික වැඩසටහනට වසර දෙකක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon