DIG තනතුරට 5ක් උසස් කිරීමට දුන් තීරණයේ වෙනසක් නෑ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති

  👤  3591 readers have read this article !
By mawbima 2018-04-25

චාමර අමරසූරිය

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට ලබා දුන් තීරණයේ කිසිදු වෙනසක් නොවන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති පී.එච්. මනතුංග මහතා "මව්බිම"ට ඊයේ (24දා) පැවැසීය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ඊ.යූ. ජයසූරිය, අනුර අබේවික්‍රම, ගාමිණී පෙරේරා, පාලිත සිරිවර්ධන, මෙවන් සිල්වා යන නිලධාරීන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම සඳහා වූ අනුමැතිය එම කොමිෂන් සභාව විසින් ඉකුත් මාර්තු මාසයේදී ලබාදී තිබිණි.

එහෙත් ගාමිණී පෙරේරා සහ පාලිත සිරිවර්ධන යන අයට පොලිස්පතිවරයා අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට අකැමැත්ත පළ කර ඇති නිසා පොලිස් නිලධාරීන් පස්දෙනාටම මෙතෙක් අදාළ පත්වීම් ලිපි ලැබී නැත.

පෙරේදා (23දා) ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ අතර ඊට පොලිස්පතිවරයාද සහභාගි වුවත් මෙම උසස්වීම් ගැටලුව සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පොලිස්පතිවරයා සමඟ පවත්වා නොමැති බවද පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා මෙම පත්වීම් ලිපි ලබාදීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කරන්නේ නම් කොමිසමේ තීරණය වෙනස් නොකර සිටින බවටය.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙලෙස පවසා සිටියේය.

වසර 4කට අධික සේවා කාලයක් ඇති ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට වැඩ බැලීමේ පදනමින් නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා දෙනවා. ඒ සේවයේ අවශ්‍යතා මත තනතුරු හිඟය සලකා බලමිනි. නමුත් එය ස්ථාවරයක් නොවේ. වැඩ බැලීමේ පදනමින් තමයි ගන්නේ. නමුත් ඔවුන්ට ඒ නිල ඇඳුම් අඳින්න පුළුවන්. නමුත් එය කාටවත් තියෙන අයිතිවාසිකමක් නෙවෙයි. එය අවශ්‍යතාව අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. පත්ව ඉන්න නිලධාරීන් තීරණය කළොත් ඒ සඳහා පත් වෙන්න පුළුවන්, එය දිය යුතුයි කියලා නියමයක් නැහැ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon