පළාත් සභා 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර මැ.කො. සභාපති

  👤  3698 readers have read this article !
By mawbima 2018-04-25

ජේ.ටී.ද සිල්වා

පළාත් සභා 6ක මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේ 15දාට පෙර පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහතික වෙයි.

ඒ සඳහා අවශ්‍යතා 4ක් සපුරන ලෙස කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් සහ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි හෙතෙම සඳහන් කරයි.

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් අනුමත කිරීම හෝ එම වාර්තාව සමාලෝචනය කිරීම, ඒ සඳහා අගමැතිවරයා විසින් කමිටුවක් පත්කර සංශෝධන සම්මත කිරීම, 50%ක් පනතට අකැමැති නම් පනත සංශා්ධනය කිරීම හා ඒ කිසිවක් සිදු නොකරන්නේ නම් මේ සියල්ල අහෝසි කර පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පනතක් සම්මත කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ක්‍රියා කෙරෙන්නේ නම් ජූලි මාසය වනවිට සියල්ල අවසන් කළ හැකි බව සඳහන් කරන සභාපතිවරයා එසේ වුවහොත් ඔක්තෝබර් මාසයේ පළාත් සභා 6ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නාම යෝජනා කැඳවිය හැකි බව පැවැසීය.

දැනට නිල කාලය අවසන්ව ඇති නැඟෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා තුනෙහිත් ලබන සැප්තැම්බර් මාසය වන විට නිල කාලය අවසන් වන මධ්‍යම, උතුර සහ වයඹ පළාත් සභා තුනෙහිත් මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

එම පළාත් සභා මැතිවරණවලදී තරුණ ඡන්ද හිමි අයට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදීම සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනය මේ වසරේ සැප්තැම්බර් 30දා සහතික කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon