උත්සව සමයේ ධීවර සංස්ථාව මාළු කිලෝග්‍රෑම් 135,892ක් විකුණලා ධීවර අමාත්‍යාංශය කියයි

  👤  3572 readers have read this article !
By mawbima 2018-04-25

සිදත් මෙන්ඩිස්

පසුගිය උත්සව කාලය තුළ ලංකා ධීවර සංස්ථාව තම අලෙවිසල්වලින් මාළු කිලෝග්‍රෑම් 135,892ක් අලෙවි කර රුපියල් 72,276,871ක ආදායමක් උපයා ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

2018 අප්‍රේල් මස 5 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලය තුළ ධීවර සංස්ථාව මේ ආදායම උපයා ඇත.

2017 වසරේදී උත්සව සමය තුළ මාළු කිලෝග්‍රෑම් 92,867ක් අලෙවි කොට උපයා ඇති ආදායම රුපියල් 53,607,787ක් බව ධීවර අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68ක් දක්වාත්, ආදායම සියයට 74 දක්වාත් ඉහළ නංවා ගැනීමට ධීවර අමාත්‍යාංශයට හැකි වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon