අවුරුදු 35ට වැඩි උපාධිධාරීන් රාජ්‍ය සේවයට ගන්න ක්‍රමවත් වැඩසටහනක් ඇමැති හර්ෂ

  👤  3676 readers have read this article !
By mawbima 2018-04-25

රෝහණ බමුණුආරච්චි

වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ක්‍රමවත් වැඩසටහනක් සම්පාදනය කිරීමට කටයුතු යොදන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමේදී වඩාත් සාධාරණ ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ඉල්ලීමකට පිළිතුරු ලෙස හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා එසේ පවසා ඇත.

උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමේදී වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන් හට බලවත් අසාධාරණයක් සිදුවන බවත් රජයේ නව වැඩපිළිවෙළට අනුව වයස 35 ඉක්ම වූ උපාධිධාරීන් හට එම තනතුරු සඳහා ඉල්ලුම් කිරීම අහිමි කර ඇති බවත් උපාධිධාරි නියෝජිතයන් පිරිසක් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර හමු වී කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර ඒ පිළිබඳව ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.

රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ප්‍රකාශ කරනුයේ සංවර්ධන නිලධාරීන් සඳහා උපාධිධාරී න් බඳවා ගැනීමේ වයස් සීමාව 45 කිරීම ඉතා සුදුසු බවයි. එසේ නොවන්නේ නම් රටේ සිටින උගත් පිරිසට අසාධාරණයක් සිදුවන බව ඔහු ප්‍රකාශ කර සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon