පිටරට වෙසක් කූඩු හා බකට් නිසා දේශීය නිෂ්පාදන අභාවයට ගිහින්

  👤  3910 readers have read this article !
By mawbima 2018-04-25

උදයන්ති මුණසිංහ

විදේශීය රටවලින් මෙරටට ආනයනය කරන විවිධ වර්ගයේ බකට් සහ වෙසක් කූඩු මේ වනවිට වෙළෙඳපොළේ වැඩි වශයෙන් අලෙවි වන නිසා දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය අභාවයට යමින් පවතින බව දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදකයෝ සඳහන් කරති.

මේ වනවිට දේශීය බකට් සහ වෙසක් කූඩු සඳහා වන ඉල්ලුම පහත වැටී තිබෙන බවත් වසර ගණනක සිට මේ කර්මාන්තය පැවැතුණත් මේ වනවිට බළපිටිය, අහුන්ගල්ල, නෙල්ලිගොඩ යන ප්‍රදේශවලද මේ නිෂ්පාදන සිදුවන්නේ ඉතා අල්ප වශයෙන් බවත් ඔවුහු පෙන්වා දෙති.

දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය සඳහා විදේශීය රටවලින් ආනයනය කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමද මීට එක් හේතුවක් බව ඔවුහු සඳහන් කරති.
තම කර්මාන්තය සඳහා නිසි අවධානය යොමු කරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon