ශ්‍රී ලනිපයේ 26ම ඉවත් වුණත් ආණ්ඩුව වැටෙන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

  👤  3605 readers have read this article !
By mawbima 2018-04-25

හර්ෂනී අර්සකුලරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 26 දෙනාම ආණ්ඩුවෙන් අයින් වුවත් ආණ්ඩුව නොවැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.
එම මන්ත්‍රිවරුන් 26 දෙනාම නොමැතිව ආණ්ඩුවට ඉදිරි ගමන් යෑමේ හැකියාව පවතින බවත් ඔහු පැවැසුවේය.

කෙසේ වෙතත් ශ්‍රී ලනිපයේ යම් කොටසක් ඔවුන් හා එක්වීමට කැමැත්තෙන් පසුවන බවද එසේ පැමිණීමට කැමැති නම් ඔවුන්වද එක්කරගෙන ආණ්ඩුවක් හැදීමට හැකි යැයිද මන්ත්‍රිවරයා පැවැසුවේය.

තම පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට අවශ්‍යව ඇති මන්ත්‍රිවරු හත්දෙනා ශ්‍රී ලනිපයේ සිටින බව ප්‍රසිද්ධ රහසක් බවද හෙතෙම පැවැසීය.

නමුත් කුමක් හෝ හේතුවක් උඩ ඔවුන්ට එසේ එක්වීමට නොහැකිව සිටින බවත් ඊට හේතුව සොයාගැනීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවැසුවේය.

එසේම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සිය නම එජාප පසුපෙළින් යෝජනා වුවද එය යෝජනාවක් පමණක් බවත් තමා ඒ ගැන තවම තීන්දුවකට පැමිණ නැති බවත් එම ධුරයේ අයිතිය ශ්‍රී ලනිපය සතුවන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

ඔහු මේ අදහස් දැක්වූයේ පලස්තීනයට සහයෝගය දැක්වීමේ ශ්‍රී ලංකා කමිටුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon