වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු එස්. එෆ්. ලොක්කා යළි රිමාන්ඩ්

  👤  3726 readers have read this article !
By mawbima 2018-04-25

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

කරාතේ උපදේශක වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන එස්. එෆ්. ලොක්කාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් මහතා (23දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුරාධපුර දහයියාගම හන්දිය පදිංචිව සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළුවට අනුයුක්තව සේවය කර සේවය අතහැර පලාවිත් සිටින දහයියාගම ලොකු නොහොත් එස්. එෆ්. ලොක්කා නොහොත් රණසිංහ ආරච්චිගේ ඉරෝන් රණසිංහ යන අයයි.

පෞද්ගලික බැංකුවකට පරම අයිතිය හිමි සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් වර්ගයේ ජීප් රියක් කල්බදු වාරික නොගෙවීම නිසා එහි අයිතිකරුගෙන් අත්පත් කරගෙන කොළඹ පිහිටි පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයට ප්‍රවාහනය කරමින් තිබියදී සුදු පැහැති වෑන් රියකින් පැමිණ මල්වතු ඔය පටුමඟේදී අදාළ රථය නවතා එහි සිටි පුද්ගලයන් බිය ගන්වා ජීප් රිය පැහැරගෙන යෑමේ චෝදනාවට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී සැකකරු පසුගිය වසරේ අප්‍රේල් මස 26 වැනිදා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් විය. ඔහුගේ කලිසමේ දකුණු සාක්කුවේ තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. එම්. කේ. යසරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණිල්ල මෙහෙයවූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon