පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංගට එරෙහි ඉඩම් නඩුව ඉල්ලා අස් කරගනී

  👤  3757 readers have read this article !
By mawbima 2018-04-25

මාලඹේ - රාජිකා රණසිංහ

තලවතුගොඩ රජයේ ඉඩම් කැබලි තුනක් අනවසරයෙන් අත්පත් කරගෙන ඇතැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කඩුවෙල අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ල එම අධිකාරිය මඟින් ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඒ සඳහා අවසර දුන්නේය.

විනිසුරුවරයා ඒ බව ප්‍රකාශ කළේ පෙරේදා (23දා) පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

පැමිණිල්ලට අදාළ එක් ඉඩම් කොටසක යම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අල්ලා ගෙන කටු කම්බි ගසා තිබූ බවට මිනුම් කටයුතුවලදී අනාවරණය වී ඇතැයි හෙළිවීම නිසා එම කොටස ආපසු ලබාදෙන ලෙසටද අධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට නියම කළේය.

විත්තියේ නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාලවත්ත මහතා සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු පෙන්වා දෙමින් කිසිම පදනමකින් තොරව ගොනු කර තිබූ පැමිණිල්ලේ අන්තර්ගත චෝදනා හේතුවෙන් තම සේවාදායක මන්ත්‍රිවරයාගේ දේශපාලන ප්‍රතිරූපයට හා කීර්තියට හානියක් සිදුව ඇති බව කියා සිටියහ.

මෙහිදී අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon