කතරගම ව්‍යාපාරිකයාගේ මරණයට සැක පස් දෙනාට ශරීර ඇප

  👤  3717 readers have read this article !
By mawbima 2018-04-25

වැල්ලවාය - ජී. අයි. රොෂාන්

බඩල්කුඹුර පරෙයියන් ඇල්ල ප්‍රදේශයේ පිහිටි මැණික් ගඟේ දියවළක තිබී සොයාගත් කතරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා පෙරේදා (23දා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මොනරාගල දිසා විනිසුරු ‍ෙදාඩම්ගොඩ මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ කතරගම හා කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට බඩල්කුඹුර පොලිසියට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

සිද්ධියෙන් මියගොස් තිබුණේ එංගලන්ත පුරවැසි භාවය සහිත කේ. ඩී. ජයන්ත චන්ද්‍රසිරි නමැති ව්‍යාපාරිකයෙකි.
මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති නිශාන්ත කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon