පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණයට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණයි

  👤  3596 readers have read this article !
By mawbima 2018-04-25

දෙනගම ධම්මික රණවීර

පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් රජය වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණක් බවත් කතානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

වසර 30ක් පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිලි සංකීර්ණය පොදු ජනතාවගේ දේපළක් බව සඳහන් කරන එම මාධ්‍ය ඒකකය එය අනෙකුත් ගොඩනැඟිලි මෙන්ම කලින් කලට අලුත්වැඩියා කරමින් නඩත්තු කළ යුතුව පවතින බවද පෙන්වා දෙයි.

ගෙවී ගිය දසක 3ක කාලය තුළ සිදු කළ යුතුව තිබූ නමුත් අතපසු වූ ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇතැයිද එම මාධ්‍ය ඒකකය අවධාරණය කරන්නේ කාලානුරූපීව සිදු කිරීමේ අවශ්‍යතාව කිසි ලෙසකින්වත් බැහැර කළ නොහැකි බවද සඳහන් කරමින්ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon