උද්ඝෝෂණයෙන් පසු පා ගමනට පොලිසියෙන් මාර්ග බාධක

  👤  3629 readers have read this article !
By mawbima 2018-04-25

රෝහණ බමුණුආරච්චි

රැකියා විරහිත උපාධිධාරීන් පනස් හත් දහසකට රැකියා ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (24දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ කොට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනකද නිරත විය.

රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේදී සිදුවෙමින් පවතින කප්පාදුව නවතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයැදුම් පත් යොමු කර ඇති මූලික සුදුසුකම් සපුරා ඇති සියලු උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

කොළඹ කොටුව දුම්රියපොළ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා යෙදුණු පා ගමනේදී පොලිසිය මඟින් ඊට මාර්ග බාධක යොදමින් අවහිර කළ අයුරු.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon