අනාගතයේ බිහිවන මහින්දගේ ආණ්ඩුවක් යටතේ කෘෂි නිෂ්පාදන සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට සාකච්ඡා කරගෙන යනවා

  👤  3751 readers have read this article !
By mawbima 2018-04-25

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අනාගතයේ බිහිවන මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ කෘෂි කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කෘෂි නිෂ්පාදන සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට මේ වන විට සාකච්ඡා කරගෙන යන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවේ කෘෂි ප්‍රතිපත්තිය අද වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති නිසා ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවැනි ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

රුපියල් 500ට පොහොර ලබාදීමට කටයුතු කරන බව වත්මන් රජය ප්‍රකාශ කළද එම ප්‍රකාශ අද චක්‍රලේඛවලට පමණක් සීමා වී ඇති බව ද ලංකාවේ කිසිදු ස්ථානයකින් රුපියල් 500ට පොහොර මිටියක් ලබා ගැනීමට බැරි බව ද ඒකාබද්ධ විපක්‍ෂය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon