ජවිපෙ දැන් සෙල්ලම් කරන්නේ කොළේ වහලා

  👤  3782 readers have read this article !
By mawbima 2018-04-25

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අති බහුතරයක් වූ පිරිස මේ වනවිට සිටින්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයකදී එය හොඳ ආකාරයෙන්ම රටෙහි ජනතාවට දැක ගැනීමට හැකිවන බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා 'මව්බිම'ට පැවැසුවේය.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ රැගෙන ආ යෝජනාව පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද සේමසිංහ මන්ත්‍රිවරයා පැවැසීය.

'මව්බිම' පුවත්පතට අදහස් දක්වමින් ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

''අද මේ රට අවුල් ජාලාවක් වෙලා. ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි බලන්න ඕනේ ජ.වි.පෙ. වර්තමාන භාවිතාව පිළිබඳව. ජ.වි.පෙ. මෑත කාලයේ කිසිම විනිවිද භාවයකින් කටයුතු කරලා නෑ. ජ.වි.පෙ. වර්තමානයේ කටයුතු කළේ කෙසේද කියන එක කාටත් පැහැදිලියි. ජ.වි.පෙ. ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව දැන් වඩාත් කල්පනාකාරී විය යුතුයි. කොළේ වහලයි ජ.වි.පෙ. දැන් සෙල්ලම් කරන්නේ.

මේ ආණ්ඩුව පෙරළන්න දෙයක් නෑ. ශ්‍රී ල.නි.ප.ය අද 3ට කැඩිලා. එ.ජා.ප.ය 2කට කැඩිලා. ටී.එන්.ඒ. එක බෙදිලා. කැබිනට් මණ්ඩලයට වැඩක් කරගන්න බෑ. අද මේ රටේ ආණ්ඩුවක් නෑ. ජනාධිපතිට වැඩක් කරගන්න බෑ. අගමැති වැඩ කරන්නෙත් නෑ. විපක්‍ෂ නායක වැඩ කරන්නෙත් නෑ. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ආණ්ඩුවට කඩේ යනවා. ඉතින් කොහොමද රටක් ඉදිරියට යන්නේ.

ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරු 6 දෙනෙක් හැර ඉතිරි සියලුදෙනාම ඉදිරියේදී අපත් සමඟ එක්වෙනවා. එය ස්ථීරයි. අපිට මේ ආණ්ඩුව පෙරළන්න දෙයක් නෑ. ජනතාව මේ ආණ්ඩුව ඉදිරියේදී පෙරළලා දානවා.''

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon