ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නවා

  👤  3744 readers have read this article !
By mawbima 2018-04-25

සිදත් මෙන්ඩිස්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා ස්ථීර වශයෙන්ම විපක්ෂයේ අසුන් ගන්නා බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (24දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව අවධාරණය කෙළේය.

නිදහස් පක්ෂයේ තවදුරටත් සිටිමින් පාර්ලිමේන්තුව යළි රැස්වන පළමු දිනයේදීම මෙලෙස විපක්ෂයේ අසුන් ගන්නා බව වීරක්කොඩි මහතා පැවැසීය. ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි තමන් ඇතුළු 16 දෙනාගෙන් කිසිවකුත් යළි ආණ්ඩුවට එක් නොවන බව පැවැසූ මන්ත්‍රිවරයා කියා සිටියේ ආණ්ඩුවේ සිටින තවත් නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් තම කණ්ඩායම සමඟ එක්වන බවයි.

පක්ෂය ශක්තිමත් කරමින් 2020දී නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කර ගනිමින් මෙලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවත් නිදහස් පක්ෂයේ 3/4ක් මේ වන විට විපක්ෂයේ සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ඇතුළේ සිට සටන් කරනවාට වඩා එළියට විත් සටන් කිරීමෙන් ජනතාවට වැඩි ප්‍රතිලාභයක් අත්කර දිය හැකි බවද වීරක්කොඩි මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon