උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාවේ මාළු අලෙවිය සියයට 68%කින් ඉහළට ආදායම සියයට 74%ක් නඟියි

  👤  3601 readers have read this article !
By mawbima 2018-04-25

බද්දේගම - ඕ. කමලනාථ

අලුත් අවුරුදු උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාවේ මාළු අලෙවිය සියයට 68%කින් ඉහල ගොස් ඇති බවත් මාළු අලෙවියෙන් ලද ආදායම සියයට 74%කින් ඉහළ ගොස් තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අනාවරණය කෙළේ 23 වැනිදා එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ඇමැතිවරයා මෙසේද කීවේය. උත්සව සමයේ වෙළෙඳපොළේ මාළු මිල ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙරට ජනතාව වැඩිපුරම පාරිභෝජනය කරන මාළු වර්ග 4ක් විශේෂ සහන මිලකට අලෙවි කිරීමට ධීවර සංස්ථාව කටයුතු යොදා තිබුණා.

සාමාන්‍යයෙන් උත්සව සමයේ ඉස්සන් කිලෝවක් රු. 1300-1800 දක්වාත්, තලපත් කිලෝව රු. 1200-1450 දක්වාත් ඉහළ යයි. ඒ අනුව නව සහන මිල යටතේ ලින්නා මාළු කිලෝ 1ක් රු. 250, බලයා කූරියා වශයෙන් කිලෝ 1ක් රු. 350ක් හා කපන ලද බල කිලෝ 1ක් රු. 550, තලපත් කිලෝ 1ක් රු. 720 හා ඉස්සන් කිලෝ 1ක් රු. 890කටත් අලෙවි කර තිබේ.

මේ විශේෂ අඩු කළ මිල අප්‍රේල් මාසය පුරාම ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 5දා සිට 18දා දක්වා කාලයේදී ලංකා ධීවර සංස්ථාවේ අලෙවිසල්වලින් මාළු කිලෝ ග්‍රෑම් 135,892.29ක් අලෙවි කර තිබේ. ලැබී ඇති ආදායම රු. 72,276,871.20ක් වෙනවා. 2017 වසරේදී උත්සව සමයේ මාළු කිලෝ 92,867.36ක් අලෙවි කරන ලද අතර එමඟින් ලද ආදායම රු. 53,607,787.49ක් වුණා.

ඒ අනුව මේ වසරේ උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාවේ මාළු අලෙවිය සියයට 68%කින්ද, ඉන් ලද ආදායම සියයට 74%කින්ද වර්ධනය වී තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon