කඩුගන්නාව ගල් උමඟ හරහා වාහන ධාවනය හා ජනතාවට ගමන් කිරීම අත්හිටුවයි

  👤  3848 readers have read this article !
By mawbima 2018-04-25

උපතිස්ස පෙරේරා

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව වැලමිටි වංගුවේ ගල් උමඟ හරහා වාහන ධාවනය හා ජනතාවට ගමන් කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අත්හිටුවා තිබේ.
කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීමේදී එහි ප්‍රධාන ඉන්ජිනේරුවා විසින් සකසන ලද මේ ගල් උමඟේ සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් මේ උමඟයෙන් වාහන හා මගීන්ට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා එය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබේ.

මේ ගල් උමඟ හරහා ගමන් අත්හිටු වුවද ඊට නුදුරින් පුළුල් නව මාර්ගය භාවිත කිරීමට පහසුකම් ඇති නිසා එම මාර්ගයේ ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon