මාස 16ට උතුරේ වල් අලි 11ක් මරලා උතුරේ පශු වෛද්‍ය නිලධාරි හෙළි කරයි

  👤  3599 readers have read this article !
By mawbima 2018-04-25

මුලතිව් - ශෂි කුමාර්,
ඕමන්ත - ශේශලා අමරසිංහ

ගිය වසරේ ආරම්භයේ සිට මේ වසර දක්වා කාලය තුළදී උතුරු පළාතේ වල් අලින් 11 දෙනකු හක්ක පටස් දීම, විදුලිය වැදීම හා වස දීම හේතුවෙන් මියගොස් ඇතැයි උතුරු පළාත භාර පශු වෛද්‍ය නිලධාරි බී. ගිරිදරන් මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ වවුනියාව පුවරසන්කුලම සෙංගල්පඩෙයි ප්‍රදේශයේ 19 වැනිදා මියගොස් සිටි අලි පැටවාගේ මරණයට හේතුව ද හක්ක පටස් බවට වෛද්‍යවරුන් සනාථ කළ අවස්ථාවේදීය.

ගොවීන් වල් උෟරන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීම පිණිසත්, වල් උෟරන්ගේ මස් ලබා ගැනීම පිණිසත් "හක්ක පටස්" වෙඩි තැන් තැන්වල තබන බවත් ඇමක් වශයෙන් ඒවායෙහි පලතුරු බැඳීම නිසා වන අලින් ඒවා කෑමෙන් ජීවිතක්ෂයට පත් වන බව පශු වෛද්‍යවරයා පැවැසීය.

වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් වැනි උතුරේ ප්‍රදේශ තුළ වල් අලි ගහනය ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී.

ඉහත දැක්වූ කාල සීමාවේදී තවත් අලින් 7 දෙනකු විවිධ ආබාධ හේතුවෙන් මියගොස් ඇති බව පශු වෛද්‍යවරයා කියා සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon