මීමැස්මොරය හැදුණු අයකු මුහුදට වැටී නසී

  👤  3768 readers have read this article !
By mawbima 2018-04-25

මත්තල _ ඩී.එන්. ජයසේකර

හම්බන්තොට නගරය අසලින් ඇති මුහුදු තීරයට ගිය පුද්ගලයකු මීමැස්මොරය හැදී මුහුදට වැටීමෙන් ඊයේ (24දා) පෙරවරුවේ මියගොස් ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට පදිංචිව සිටි හතළිස් නව හැවිරිදි තුවාන් මොහොමඩ් තවුපික් නමැති අවිවාහකයෙකි. සාමාන්‍යයෙන් දිනපතාම වාගේ සිරිතක් ලෙස මුහුදු වෙරළට යන මොහු ඊයේ පෙරවරුවේද හම්බන්තොට මුහුදු වෙරළට ගොස් ඇති අතර එහිදී එකවර මොහුට මීමැස්මොරය හැදී මුහුදට ඇද වැටී රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේ වෙරළේ සිටි ධීවරයන් එක්ව ඔහු බේරාගෙන ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබේ.

මියගිය පුද්ගලයා පිළිබඳ වූ හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon