වෛද්‍ය ආඥාපනත හා විශ්වවිද්‍යාල පනත බරපතළ ලෙස හෑල්ලුවට පත්වනවා

  👤  3626 readers have read this article !
By mawbima 2018-04-25

ජේ.ටී. ද සිල්වා

'සයිටම්' අර්බුදය විස¼දාලීමේ කඩතුරාවට මුවාවෙමින් බලධාරීන් එළිදක්වා ඇති නව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් වෛද්‍ය ආඥාපනත සහ විශ්වවිද්‍යාල පනතද බරපතළ ලෙස හෑල්ලුවට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මුල සිටම තම න්‍යාය පත්‍රය තුළ 'සයිටම්' රැක ගැනීම ප්‍රධාන අරමුණ කරගත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය මොහාන් ද සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සංජය රාජරත්නම් යන මහත්වරු මෙම නවතම පනත සකස් කිරීම සඳහාද පුරෝගාමී කටයුත්තක් කර ඇති බව පැහැදිලි යැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

නව පනත මඟින් 'සයිටම්' සිසුන්ට විසඳුමක් ලබාදෙනු වෙනුවට රජය විසින්ද අහෝසි කරන බවට ප්‍රකාශ වී, මේ වන විට ස්වාභාවික මරණයක් කරා යමින් සිටින 'සයිටම්' ආයතනයට ජීවය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.

නව පනතට අනුව ඕනෑම දේශීය හෝ විදේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට පනතේ සඳහන් පාලක මණ්ඩලයේ අනුකූලතාව ලබාගෙන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වීමට ඉඩකඩ විවර වෙන බව වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කරයි. දැනට විදේශ වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය ලබාගෙන පැමිණෙන උපාධිධාරීන්ට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය කර්මයේ යෙදීමට අත්‍යවශ්‍ය වන ඒජබ16 විභාගයේ අවශ්‍යතාව ඒ හරහා නිශේධනය වන බව ලේකම්වරයා පවසයි.
වෛද්‍ය උපාධිය වැනි වෘත්තියවේදී උපාධිය සඳහා විශ්වවිද්‍යාල පනතට අනුව අදාළ වෘත්තීයවේදී මණ්ඩලයේ අනුකූලතා සහතිකය අත්‍යවශ්‍ය වන නමුත් මෙම නව පනත හරහා එම අවශ්‍යතාව නිශේධනය වන බව සඳහන් කරයි.

වෛද්‍ය අධ්‍යාපනයට පමණක් නොව සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටම මෙම නව පනත හරහා මරු පහරක් එල්ලවන බැවින් එම පනත පරාජය කිරීම සඳහා දැවැන්ත විරෝධතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කර ඇතැයි කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වෛද්‍ය අලුත්ගේ පැවැසීය.

නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත්, ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරීමටත් තම සංගමය තීරණය කර ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

පවතින තත්ත්වය සමාලෝචනය කර ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා විරෝධතා වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීම සඳහා තම සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් එළැඹෙන මැයි මස 3 වැනිදා කැඳවීමට තීරණය කර ඇතැයිද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon