විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව පිටුපස ඇත්තේ පටු අරමුණු තුනක්

  👤  3681 readers have read this article !
By mawbima 2018-04-25

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජවිපෙ සූදානම් වන්නේ ආණ්ඩුවේ පැටව් ගහන අර්බුදය සමනය කර ඒකාබද්ධය ඇතුළු සැබෑ විපක්ෂය තුළ අර්බුද නිර්මාණය කිරීම, බෙදුම්වාදය ශක්තිමත් කිරීම හා එම යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් එම 'සටන් පාඨය' යටතේ යළිත් හංස පූට්ටුවකින් රටම වනසන ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ගෙන ඒම යන පටු අරමුණු තුන ඉටුකර ගැනීම බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
මේ රූකඩ ආණ්ඩුවට අවුරුදු තුනහමාරක් පමණ වන විට 'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම' නමැති පරණ, පුස් කාපු යෝජනාව රට තුළ සංවාදයට භාජන කිරීමට ජනතා විමුක්ති පෙරමුණට වුවමනා වී ඇත්තේ ඇයි? රටටත් ජනතාවටත් හතුරු, බටහිරට - ඉන්දියාවට - දෙමළ ඩයස්පෝරාවට මිතුරු පටු අරමුණු තුනක් ඉටු කර දීමටයි ඔවුන් මෙම යෝජනාව රැගෙන එන්නේ.

මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද මේ වනවිට පැටව් ගසමින් තිබෙනවා. ඒ අර්බුද සමනය කර සැබෑ විපක්ෂය වන ඒකාබද්ධ විපක්ෂය භේදභින්න කිරීම ජවිපෙ

පළමු අරමුණයි. දුර්වල ආණ්ඩුව තමන්ගේ ප්‍රශ්න විස¼දා ගන්නා තෙක් විපක්ෂය තුළට මෙවැනි සංවාදශීලී මාතෘකාවක් ගෙනැල්ලා එහි එකමුතු බව බිඳලා ආණ්ඩුවේ ඉදිරි ගමන ශක්තිමත් කරන්නයි ජවිපෙ මේ මොහොතේ සූදානම් වන්නේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සැබෑ

විපක්ෂය ජවිපෙ ඒ පටු අරමුණ ඉතා හොඳින් තේරුම් ගත යුතුයි. 'අත් මල්ලට වැදුණු නාගයා' වගේ මේ යෝජනාවට සැබෑ විපක්ෂය දුර්වල කිරීමට පුළුවන්.
'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ' යෝජනාව ගෙන ඒමෙන් ජවිපෙ ඉටු කර ගන්නා දෙවැනි අරමුණ කුමක්ද? බටහිර බලවතුන්, ඉන්දියාව හා දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කර මේ රූකඩ පාලනය ගෙන ආවේ ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදය තව පිමි ගණනාවකින් ඉදිරියට ගෙන යෑමටයි. බෙදුම්වාදීන්ට අවශ්‍ය වූ මූලික කාරණයක් තමයි, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් දුර්මුඛ කර, දුර්වල කිරීම. ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මේ ආණ්ඩුවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කර ගත්තේ ඒකටයි. ඒ හරහා අද වනවිට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කර අවසන්. රණවිරු දඩයමට අවශ්‍ය යාන්ත්‍රණය අද මේ ආණ්ඩුව හදලා දීලා ඉවරයි. දැන් බෙදුම්වාදීන්ට ඉටුකර ගැනීමට ඇත්තේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කර ගැනීමයි. එමඟින් ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමයි. අපි දන්නවා, ජේ.ආර්. ජයවර්ධනගේ අත කරකවලා තමයි එදා 1987දී ඉන්දියාව මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරවූයේ. මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මධ්‍යම ආණ්ඩුව හා පළාත් ආණ්ඩු අතර ඕනෑම මොහොතක ගැටුම් ඇතිවිය හැකියි. ඒ ගැටුම් තුළින් වෙනම රාජ්‍යයක් කරා යෑමේ විභවයක් බෙදුම්වාදීන්ට ලැබී තිබෙනවා.

මේ අයගේ තුන්වැනි අරමුණ කුමක්ද? බැරිවෙලාවත් 'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය' සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ඒ සටන් පාඨය, ඊනියා පොදු අපේක්ෂකයකු ගෙන ඒමට යොදා ගැනීම තුන්වැනි අරමුණයි. නමුත් අපට විශ්වාසයි මේ රටේ ජනතාව මේ ජවිපෙ පටු අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බව. මේ රටේ ජනතාව 'අටුවෙන් දුමට බහින්න' සූදානම් නැහැ කියා ජවිපෙ දැන්වත් තේරුම් ගත යුතුයි. 2010, 2015 පොදු අපේක්ෂක නාඩගම් මඟින් ජවිපෙ රටට කළ හානිය සුළුපටු නැහැ.

ඒ වගේම අපි අනුර දිසානායක මහත්තයාට කියනවා, 'සදාචාරයක්, ලැජ්ජාවක් තියෙනවා නම් කරුණාකර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් දැන්වත් ඉල්ලා අස්වෙන්න. මැයි 08 වැනිදා සිට සැබෑ විපක්ෂයේ මන්ත්‍රිවරු 70ක් අසුන්ගෙන සිටියදී මන්ත්‍රි ධුර 06ක් තිබෙන ඔයාට ඔය තනතුරේ ඉන්න ලැජ්ජා නැද්ද?'

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon