ජනතාව නොමරා මරන පාලකයන් ඉන්නකොට මන්දපෝෂණයෙන් රට දෙකට එන එක පුදුමයක්ද

  👤  3776 readers have read this article !
By mawbima 2018-04-25

දැන් අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නොවන බවත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඊයේ (24දා) දූෂණ විරෝධී පෙරමුණ රාජගිරිය, වැලිකඩ වත්තේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
එහිදී උලපනේ සුමංගල හිමි මෙසේද පැවැසීය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව අත එසවූ ඔනරබල්ලා 126 දෙනාම ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය සොරකමේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඒ පාපතර ක්‍රියාවෙන් ඔවුන්ට ගැලවෙන්න බැහැ.

රට ආර්ථික අර්බුදයකට වැටී ඇති බවට කතිකාවක් තිබුණත් ඒ අර්බුදයෙන් පෙළෙන්නේ දුප්පත් බදු ගෙවන ජනතාව විතරයි. බිලියන ගණන් මුදල් පුරවපු කාර් මුස්ලිම් ජනතාව නියෝජනය කරන මැති ඇමැතින්ට ප්‍රදානය කරන්න පාර්ලිමේන්තුව ඉදිරිපිට නතර කර තිබුණා කියලා ආරංචි වුණා. සල්ලිවලට මන්ත්‍රිවරුන්ගේ හෘද සාක්ෂිය අලෙවි වුණා. බදු මුදල් මඟින් ජනතාවගේ සල්ලි හූරා ගන්නා ගමන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බිලියන ගණන් හුවමාරු වුණා. දැවැන්තම වංචාව තුළින් හොරෙක් උපයා ගත් මුදල් තමයි ඒ ලෙස හුවමාරු කරගත්තේ.

දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් දෙවැනි තැනට ලංකාව ඇවිත් තියෙනවා. මෙහෙව් පාලකයන්ගෙන් සමන්විත රටක එය නොබෝ දිනකින් පළමු තැන ලබා ගැනීම නොඅනුමානයි. මේ පාලකයෝ ජනතාවට සේවය කරනවා කියලා ඇවිල්ලා ජනතාව නොමරා මරනවා.

විශ්වාසභංගයෙන් පසුව බැඳුම්කරය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා. එවැනි සොරකම් සිදු නොවිච්ච ගාණට තමයි වැඩ කරන්නේ. මාධ්‍යවත් දේශපාලකයොවත් කතා කරන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට වඩා මිනිස්සුන්ට අවශ්‍යතා තියෙනවා. ජනතාවගේ එම ප්‍රශ්න යටපත් කිරීමටයි ව්‍යවස්ථා සංශෝධන අරන් තියෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම ලැබුණේ නැහැ.

පළාත් පාලන මැතිවරණ සංශෝධනයක් ගෙනල්ලා මන්ත්‍රිවරු 4,000ක් වෙනුවට 8,000ක් නඩත්තු කරන්න ජනතාවට භාර කළා. ඉල්ලුවෙ සහනයක් ලැබුණේ බරක්.
බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කරලා සුදන වෙන්න හැදුවට මේ වංචාවේ ප්‍රධාන චූදිත බවින් ඔහුට මිදෙන්න බැහැ.

මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනය යළි අරඹන්න කෝටි 4000ක් අවශ්‍ය බවටත් තොරතුරු ලැබී තිබෙනවා. මේ කළු සල්ලි පොම්ප කරන්නේ කවුද කියලා වහාම රටට හෙළි කළ යුතුයි.

අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් මාමාටයි බෑනටයි රටේ ආර්ථිකය හසුරුවන්න බැරි වන විට හෙවණැලි එවමින් ආර්ථික මර්මස්ථාන අල්ලාගෙන ජඩ ජාවාරමේ නැවත යෙදෙනවා. මේකට අගමැතිවරයාගෙත් ආණ්ඩුවේත් ආශීර්වාදය ලැබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් කතරගම බස්නායක නිලමේ ඉවත් කිරීමෙන් පසුව වැඩ බලන නිලමේවරයකු පත් කර තිබෙනවා. දිල්රුවන් රාජපක්ෂ නමැති අයෙක් පත් කර සිටිනවා. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. ඔහු ලෝකයේ අවි ආයුධ හා බලශක්ති වෙළෙ¼දාම ගැන නම් දරාපු ආයතනයක නියෝජිතයෙක්. අවි ආයුධ වෙළෙ¼දාමට සම්බන්ධ අයෙක් බස්නායක නිලමේ ලෙස පත් කිරීම කෙතරම් සුදුසුද?

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon