කිංස් ඔධ් පෙරමුණ ගනී

  👤  3747 readers have read this article !
By mawbima 2018-04-25

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (23දා) පැවැති කිංස් ඔධ් පන්ජාබ් කණ්ඩායම හා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලබන්නට කිංස් ඔධ් පන්ජාබ් කණ්ඩායම සමත් විය.

දිල්ලි ෆෙරෝෂ් ශා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් කිංස් ඔධ් පන්ජාබ් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 139ක් පමණි.

එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තරග 6න් 5ක් ජයගෙන ඇති කිංස් ඔධ් පන්ජාබ් සමත් වූ අතර චෙන්නායි සුපර් කිංස් දෙවැනි ස්ථානයේත්, කොල්කටා නයිට් රයිඩර්ස් තෙවැනි ස්ථානයේත් සන්රයිසස් හයිද්‍රාබාද් සිව් වැනි ස්ථානයේත් පසුවෙයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් ලකුණු 239ක් සමඟින් තරගාවලියේ වැඩිම ලකුණු ගත් පිතිකරුවා බවට පත්ව ඇති අතර කඩුලු 9ක් දවාගත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ ට්‍රෙන්ට් බෝල්ට් වැඩිම කඩුලුලාභියා බවට පත්ව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon