රනිල් කල් ඉකුත් වෙලාඔහු දැන් ඉල්ලා අස්විය යුතුයි

  👤  3667 readers have read this article !
By mawbima 2018-04-24

දෙනගම ධම්මික රණවීර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බැට් කිරීමට ඕනෑ තරම් අවස්ථා දුන් නිසා දැන් ඔහු තව කෙනකුට බැට් කිරීමට අවස්ථාව දිය යුතුව ඇතැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

හැමදාම මැච් පරදිනවා නම් වෙන කෙනකුට බැට් කරන්න අවස්ථාව දිය යුතු බවත් සජිත්, නවීන් වැනි පිරිසකට අවස්ථාව දිය යුතුව ඇති බවත් හෙතෙම කීවේය. ඕනෑම භාණ්ඩයක් හෝ පුද්ගලයකු කල් ඉකුත් වන බවද පැවැසූ රන්ජන් රාමනායක මහතා දේශපාලන පක්ෂ නායකයන්ටද එය වලංගු බවද ඊයේ (23දා) මාදිවෙල පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙහිදී කිරි පැකට් එකක් අතට ගත් ඔහු එය කල් ඉකුත් වූ පසුව කිසිවකුත් පාවිච්චි නොකරන බවද අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon