බඩල්කුඹුරෙන් අලුත් දියඇලි 7ක් හමුවෙයි

  👤  3587 readers have read this article !
By mawbima 2018-04-24

බුත්තල - නයන කුමාර

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගලා බසින මැණික් ගඟේ මෙතෙක් හඳුනා නොගත් අඩි 70ක් පමණ විශාල දියඇල්ලක් හා ඒ ආසන්නයේ අඩි 10 සිට 20 අතර තවත් කුඩා දියඇලි 07ක් පිහිටි ස්ථානයක් සොයාගැනීමට මාධ්‍ය කණ්ඩායමකට හැකිවී ඇත.

මෙම දියඇල්ල පිහිටා ඇති ප්‍රදේශය ගන වනාන්තරයකින් සමන්විත ප්‍රදේශයක පිහිටා ඇති අතර ඊට ළඟා වීමට විශාල ගල්තලාවක් පසුකර යා යුතුය.
මෙම දියඇලි පද්ධතිය ගැන මෙතෙක් කිසිවකුගේ අවධානය යොමුවී නොමැති අතර එය පරෙයියන් ඇල්ල ප්‍රදේශයේ අප්පුහාමි නම් වයස අවුරුදු 65ක ගැමියකු විසින් ඊට ළඟාවිය හැකි කෙටිම මාර්ගය සොයා ගෙන ඇත.

වනාන්තරයක් මැද පිහිටා ඇති මේ දියඇල්ලට යෑම දුෂ්කරය. මාර්ගය හඳුනා නොගෙන එම ස්ථානයට ළඟා වීමට නොහැකි බව අප්පුහාමි මහතා පවසයි.
මෙම දිය ඇල්ල දැනට ඔහු විසින් දුන්හිඳ නමින් භාවිත කරන නමුත් ස්ථිර නමක් මේ වන තෙක් තබා නැත.

මෙම දියඇල්ල සමඟ ඇති තවත් අඩි 20ක් පමණ උස විශේෂ දියඇල්ලක් ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ සෑම දිනකම පෙ.ව. 10 සිට ප.ව. 03 දක්වා දිය පහරත් සමඟ දේදුන්නක් වැටී තිබීමයි. මෙම දේදුන්න වර්ණ කිහිපයකින් සමන්විතය.

මෙම දියඇලි පද්ධතිය නැරැඹීම සඳහා යද්දී හමුවන කිලෝමීටරයක් පමණ දිග ගල් තලාව පසුකර යද්දී විවිධ හැඩ තල සහිත ස්වාභාවික ගල් කැටයම් දැකගත හැකිය.
මෙම දියඇලි බැලීම සඳහා මෙතෙක් කිසිදු දේශීය සංචාරක පිරිසක් පැමිණ නැතැයිද විදේශිකයන් කිහිපදෙනෙක් පමණක් එම දිය ඇලි නැරැඹීමට පැමිණි බවද අප්පුහාමි මහතා පවසයි.

මේ දියඇලි පද්ධතිය සොයාගත් අප්පුහාමි මහතා මෙසේ කීය.

මම මේ ගඟට ඉතාම ආදරෙයි. මේ දියඇලි අපි දැක්කේ මීට වසර 40කට විතර කලින්. අපි අවස්ථාවක් ලැබුණු විට මේවා බලන්න එනවා. මෙතැනට එන්න එකම පාරයි තියෙන්නේ. ඒ පාරෙම එන්න ඕනෑ. වෙන මාර්ගවලින් එන්න බෑ. කොහේ හරි අතරමං වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon