නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලනිපය භාර නොගතහොත් එජාපයට හිමි වේවි

  👤  3493 readers have read this article !
By mawbima 2018-04-24

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් ඉදිරිපත්නො වුණොත්...එය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ අවස්ථාවක් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි බවත් එය භාරගැනීමට මේ දක්වා කිසිවකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා කැබිනට් අමාත්‍ය ධුර. රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරුවොත් එජාප අමාත්‍ය ධුරයක් දරද්දී නියෝජ්‍ය කතානායක ධුරයද දැරීමට නොහැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා අමාත්‍ය ධුර නොදරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් එම තනතුර භාරගත යුතුව ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අද (24දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon