උදයංග ලංකාවට භාරදීම ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා අසත්‍යයි

  👤  3408 readers have read this article !
By mawbima 2018-04-24

සිදත් මෙන්ඩිස්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට භාරදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා "මව්බිම"ට පැවැසීය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් මේ වනවිටත් නිකුත් කොට තිබේ.

කෙසේ වෙතත් දෙරට අතර උදර්පන ගිවිසුමට අනුව ඔහු අත්අඩංගුවට ගැනීම ගැටලුවක් වී ඇති බවද සඳහන් වෙයි.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යුක්රේනයේ පදිංචිකරුවකුද වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon