කතරගම සභාපති ඇතුළු 3ක් රිමාන්ඩ්

  👤  3325 readers have read this article !
By mawbima 2018-04-24

මත්තල - ඩී.එන්. ජයසේකර

කතරගම පොලිසියට පහරදී අලාභහානි කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතා ඇතුළු...තිදෙනකු ඊයේ (23දා) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු මැයි මස 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.

අධිකරණයට භාර වීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කතරගම ප්‍රාදේශීය සභාවේ නව සභාපති චානක අමිල රංගන හා වල්ලිමාතාගම කතරගම පදිංචි බුද්ධික වන්නිආරච්චි, කතරගම පදිංචි පී.කේ. ප්‍රභාත් සංජය නමැති තිදෙනාය.

පසුගිය ජනවාරි 20 වැනිදා රාත්‍රි 11ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කතරගම ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු වූ පතිරණගේ නිරෝෂන් නමැති අයගේ හිසට මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාගහවීදියේ පිරිසක් පැමිණ කතරගම පොලිසියට පහරදී අලාභහානි කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සභාපතිවරයා ඇතුළු තිදෙනාට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon