මාස 3ක් තුළ තෙල් මිල ඉහළට

  👤  3323 readers have read this article !
By mawbima 2018-04-24

සිදත් මෙන්ඩිස්

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය අද (24දා) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් සිදුවූ අතර මේ හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මිල සූත්‍රයන් සකස් කිරීමට පියවර ගනු ලැබීය.

ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව සඳහන්ය.

ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලේ ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon