මාස දහයේ බිලි¼දා මරා තිදරු මවක් දිවි නසාගෙන

  👤  3356 readers have read this article !
By mawbima 2018-04-24

තවලම - සමන් ජී ලියනාරච්චි, හිනිඳුම - කෝරළේ

හිනිඳුම පොලිස් වසමට අයත් හබරකඩ ඇළඉහළ ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු මවක් ඊයේ (23දා) දහවල් කාලයේ තම දස මස් වියැති බිලිඳු දරුවා මරා දැමීමෙන් අනතුරුව නිවෙසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන ඇතැයි හිනිඳුම පොලිසිය පවසයි.

හබරකඩ ඇළඉහළ සමඟි මාවත පදිංචිව සිටි ඉලන්දාරි දේවගේ නයනා (32) නමැති කාන්තාවක් මෙසේ සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වී ඇත. ඇය අතින් මරණයට පත්වී ඇත්තේ තුඩුවගේ තිසෙත් දිල්කි නිම්සර නමැති ඇගේ මාස දහයක් වයසැති කුඩා දරුවාය.

සිද්ධිය වන අවස්ථාවේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා පෙදරේරු රැකියාවට ගොස් සිට ඇති බවත් වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් ගොස් සිටි නිසා එම අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ මරා දමා ඇති කුඩා දරුවා සහ මෙම මව පමණක් බවත් පැවසේ.

වැඩිමහල් දරුවන් දෙදෙනා හත් හැවිරිදි සහ දහතුන් හැවිරිදි වියේ පසුවෙති.

මියගිය දරුවාගේ මළසිරුර ඇඳක තිබී ඇති අතර මෙම දරුවා මරණයට පත්කර ඇති ආකාරය නිශ්චිතවම කිව හැක්කේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

මෙම මරණ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (23දා) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon